IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුපියල් කෝටි 35 ක වාහන රේගු භාරයට

(යොහාන් භාසුර)

පාවිච්චි කරන ලද අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඩුබායි සිට නීති විරෝධීව මෙරට ආනයනය කළ රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද (6) පස්වරුවේ පැවසීය.

රුපියල් කෝටි 4 ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක් සහ ටොයෝටා ඇලියොන් මෝටර් රථ දෙකක්, රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබියේ සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශ මත්පැන්, ඔලිව් ඔයිල් සහ විදේශ දුම්වැටි මෙම භාණ්ඩ තොගයට ඇතුළත් බව කී රේගුව එම භාණ්ඩ තොගය අඩි 40 බහාලුමක ගඩඩාකර තිබූ බව ද සඳහන් කළේය.

මෙම භාණ්ඩ තොගය පාවිච්චි කළ වාහන අමතර කොටස් යැයි රේගුවට පවසා කොළඹ කොටුව චැතම් වීදියේ ආයතනයක ලිපිනයකට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජංගම ගබඩාවේදී පරීක්‍ෂා කළ බවත් රේගුව පැවසීය.

මෙම භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 22 ක අධික ආදායම් අහිවීමට ඉඩ තිබූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (3)

රුපියල් කෝටි 35 ක වාහන රේගු භාරයට

Mahasen Tuesday, 06 June 2023 07:03 PM

ඇල්ලුවත් ගොඩ, ලිස්සුවත් ගොඩ...

:       0       0

චන්දන Tuesday, 06 June 2023 08:21 PM

මේවා වෙන්දේසි කළාම ගන්නෙත් එයාලම නේද?.

:       0       0

Nayan Wednesday, 07 June 2023 06:23 AM

රට බේරාගත් රේගු විරුවන්ට අපේ ප්‍රණාමය... මහා හොරු පැනලා යද්දී අවුරුද්දකට වරක් එක කන්ටේනරයක් අල්ලා ගන්නවා... ජරාව දෙන්න නැතුව ඇති...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site