
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 11 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 5.650 ක් සමඟ මගීන් පස් දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (27) අත්අඩංගුවට ගත් බව රේගුව පැවසීය.
ලැබුණු තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ කළ හදිසි සෝදිසියකදී චෙන්නායි බලා පිටත්ව යෑමට සූදානම් වූ එම මගීන් සඟවා තිබූ ජෙල් ආකාරයෙන් සකස් කළ කරල් 15 ක් සොයාගත් බවත් එහි සම්පූර්ණ බර ග්‍රෑම් 5650 ක් මෙන්ම ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 107 ක් බවත් රේගුව කීය.
එම පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවත් රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් වැඩි දුරටත් විමර්ශන කරන බවත් රේතුව වැඩි දුරටත් සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල් කෝටි 11 ක රන් රේගුවෙන් අල්ලයි
Jagath Wickramasekara Tuesday, 27 June 2023 09:27 PM
රේගුව හොර ගුහාවක්