IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැඳවියන්ට වැඩි සැළකිලි දෙන්නේ යැයි වැලිකඩ වෛද්‍යවරියකට චෝදනා

(යොහාන් භාසුර)

වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය  නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය හේතුවෙන් ප්‍රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මෙම තත්වය තුළ බන්ධනාගරයේ සිටින සහ බන්ධනාගාරගත වන සැබෑ රෝගීන්ට ප්‍රතිචාර ලැබීමේ අවස්ථාව අහිමිව ඇති බව කී වෛද්‍ය බෙල්ලන මහතා මෙම තත්වය හේතුවෙන් සැබෑ රෝගී රැඳවියන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව ද සඳහන් කළේය.  

අදාල වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ අභ්‍යන්තර වෛද්‍යවරු පැමිණි කළ ද කිසිඳු පියවරක් නොගන්නා බවත්  සාමන්‍ය වෛද්‍යවරියක් වන ඇය විශේෂඥ වෙද්‍යෙවරියක් ලෙස කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බවත් ඒ මහතා කීය.

එම වෛද්‍යවරිය ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස මුද්‍රා තබමින් කටයුතු කරන බවට ද පැමිණි ඇති බව කී ඒ මහතා ඇයට වසර 5 කට අධික කාලයක් එහි සේවය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දී ඇති බව ද වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (10)

රැඳවියන්ට වැඩි සැළකිලි දෙන්නේ යැයි වැලිකඩ වෛද්‍යවරියකට චෝදනා

Nalin Monday, 05 February 2024 03:01 PM

ඔය දූශිත දොස්තරට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද?

:       6       86

Prabha Monday, 05 February 2024 03:24 PM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ උන රටක මොන නීති ක්‍රියාමාර්ගද?

:       6       80

Hafeel Monday, 05 February 2024 03:31 PM

දැනටමත් ජනතාවගේ සාපයට පරිසම් ලබමින් පවතිනවා. ඒ නිසා මෙම වෛද්‍යවරිය අවංක නැත්නම්, ස්වභාවධර්මයට බාරයි.

:       5       67

රංබොඩ Monday, 05 February 2024 04:04 PM

ඇයගේ බැංකුපොත් බැලුවා නම් පාතාලයන් සහ කුඩු ව්‍යාපාරිකයින්ට සැප දීමේ රහස හෙළිවෙයි...!

:       1       43

Lakmal Monday, 05 February 2024 05:32 PM

නිර්භීතව ඇත්ත ප්‍රකාශ කරන රුක්ෂාන් බෙල්ලන මහතාට අපේ ප්‍රණාමය..!

:       6       49

nalinTuesday, 06 February 2024 06:27 AM

රාජිතගේ කට කෑල්ල...

:       0       1

Anura Fernando Monday, 05 February 2024 07:04 PM

හොඳට කියවලා බලන්න ඔය ප්‍රවෘත්තිය. ප්‍රභූ පැලැන්තියේ අය කොල්ල කාලා හිරේ ගියාම සැප දෙන්න තමයි බන්ධනාගාර රෝහල තියෙන්නේ...!

:       1       2

Lalla Monday, 05 February 2024 08:10 PM

බන්ධනාගාරයේ කොහොමද ප්‍රභූන් ඉන්නේ...? හොරු, මිනීමරුවෝ, කුඩු කාරයෝ කොහොමද ප්‍රභූ වුනේ...?

:       0       3

Rata Perata Monday, 05 February 2024 11:06 PM

වෛද්‍යවරියට හොඳ සැලකුම් ලැබෙනවා ඇති...

:       0       0

KARF Tuesday, 06 February 2024 11:48 AM

GMOA කියන්නෙත් දොස්තර මහත්වරුන්ගේ සංගමයක් නේද.....?. ඒ අය නිදිද...?තමන්ගෙ සාක්කුවට මොනව හරි දාගන්න විතරද ඇහැරෙන්නෙ...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site