IMG-LOGO

රන් සොරකමකට කබර සුරේෂ් ඇතුළු 3ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බොරැල්ලේ කෝටිපති ව්‍යාපාරික නිවසක් බිද   රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කබර සුරේශ් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කියයි. 

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හොරයින්  මත්කුඩු ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත

සැකකරුවන් අතර පිටකොටුවේ බබා නැමැති කාන්තාව ද වන බව පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ දේපළ වලින් රන් මාල දෙකක්, මුදු දෙකක් ,පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22  ගෑම් 22 ක රන් ගුලියක් කැරට් 18 ගෑම් 15 රන් ගුලියක් ,ස්ටර්ලිං පවුම් 50 මුදල් නෝට්ටු 17ක් 100 ඩොලර් නෝට්ටු 5 ක්  පොලිසිය භාරයට ගෙන ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් 10 වැනි දින කබර සුරේෂ් නැමැති සැකකරු බොරැල්ල කෝටිපති ව්‍යාපාරික නිවස බිඳ  එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නැමැති කාන්තාවට ලබාදී ඇති අතර සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම ඒකල කැලණිය හා පිටකොටුව ප්‍රදේශවලට උගස් කර තිබූ බවත් විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ගයිඩ් නැමති පුද්ගලයා ට ලබාදුන් මාරු කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ මධුරංග නිලධාරීන්ට ලද තොරතුරු අනුව  කිරුළපන සහ කොළඹ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී  කෝටිපති ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි කබර සුරේෂ් නවතා  සොරකම් ගණනාවකට සම්බන්ධව  වසර දහයක් සිරගතව සිට ඉකුත් අගෝස්තු මස විසි දෙවැනි දින ඇප මත පැමිණ ඇති අතර දෙසැම්බර් 10 වැනි දින  කෝටිපති ව්‍යාපාරික නිවස බිද දේපොළ සොරා ගෙන තිබූ බව කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් වයස අවුරුදු 42 46 හා 53 අතර පසුවන්නෝය.

 



අදහස් (0)

රන් සොරකමකට කබර සුරේෂ් ඇතුළු 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site