(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි .
ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අද දහවල් එකට පමණ මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසලකින් රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයකු පැමිණ ඇති අතර පසුව ඔහු එහි සේවකයකු සමඟ කතාබහ කරමින් අලෙවිය සඳහා තබා තිබූ රන්මාල තොගයක් පරීක්ෂා කරමින් සිටින අතරතුරදී එක්වරම එහි තිබූ රන් භාණ්ඩ කිහිපයක් සඟවා ගැනීමට උත්සාහ දරනු දුටු සේවකයා ඊට විරෝධය පා ඔහුව අල්ලාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී දෙදෙනා අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී යාබදව රැඳී සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ කොල්ලකරු අල්ලා ගැනීමට සැරසීමේදී සැකකරු අත තිබූ ඇසිඩ් දියරය සේවකයාගේ සිරුරට දමා ගසා මෙසේ පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඇසිඩ් ප්‍රහාරයෙන් සේවකයාගේ මුහුණෙහි එක් පසක තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පොලිසිය පවසයි.
සේවකයාගේ විරෝධතාවය හමුවේ රන් භාණ්ඩ කොල්ල කා පළා යාමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවත් එසේ නොවන්නට ලක්ෂ ගණනක රන් භාණ්ඩ කොල්ල කා පළා යාමට ඉඩ තිබූ බවත් පැවසේ .
සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර පලා ගිය මාර්ගයෙන් සවිකර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂාකොට අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රන් කොල්ලය අතේ මාට්ටු වී සේවකයාට ඇසිඩ් ගසා පැනලා