IMG-LOGO

රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව උණුසුම් වෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

මෙරට පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය ආදී මාතෘකා කිහිපයක් ගැන මෙම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එහිදී නැගුණු ඇතැම් ප්‍රශ්න හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්වරයෙන් පිළිතුරු දෙන ආකාරයක් දැක ගතහැකි විය.

මෙහිදී අල් ජසීරා මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න නගමින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්‍ෂණ වලදී ඔබ අසමත් යැයි කතෝලික පල්ලිය ප්‍රකාශ කරන බවත් ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ

"විකාර කියවන්න එපා,

මම කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ නිගමනය එයාලා පිළිගන්නේ නෑ.මේ පිටුපස යම් බාහිර පාර්ශවයක් ඉන්නා බව ඔවුන් කියනවා.මම යන්නේ මේ රටේ බහුතර ජනතාව එක්ක. කමිටු නිර්දේශ පිළිගන්නවාද? නැද්ද? කියන එක පාර්ලිමේන්තුවේ වැඩක්.කාදිනල්ගේ වැඩක් නෙමෙයි" යනුවෙන් පැවසීය.

"මම මේ සම්බන්ධයෙන් ගනුදෙනු කළේ කතෝලික රදගුරු සම්මේලනය සමඟයි.මම ඒගොල්ලන්ට ඕන දේවල් දීලා තියෙන්නේ.ඒගොල්ලෝ ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මම එකක් කියන්නම්, ඔය හැරල්ඩ් පීරිස් රදගුරුතුමා මට හැම වෙලේම කතා කරලා තියෙනවා.මම මේක කියන්න ගියොත් කතෝලික පල්ලියත් දේශපාලනය වෙනවා.

මෙතන ප්‍රශ්නයක් තියෙනවා.ඔයා ඔයාගේ සීමාව පන්නලා තියෙනවා" යනුවෙන්ද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා "අල් ජසීරා" අමතමින් වැඩිදුරටත් කීය.

 



අදහස් (21)

රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව උණුසුම් වෙයි

Gayan Friday, 07 March 2025 02:54 AM

මොකෝ බටලන්ද ගැන කියන්නේ නැත්තේ,

:       32       25

karolisFriday, 07 March 2025 02:53 PM

දැන් මේ කට්ටිය කියන විදියට වැඩ කලේ නැත්තන් මාලිමා ආණ්ඩුවටත් මේ වගේ කරන එකක් නැද්ද කවදාහරි?

:       1       0

Rohana Friday, 07 March 2025 03:08 AM

අහන ප්‍රශ්ණවලට කෙලින් පිලිතුරු නොදී වටේ යන්න ගියාම මෙහෙම වෙනවා.

:       32       32

බකල ජයා Friday, 07 March 2025 04:17 AM

කලින් ප්‍රශ්න ටික දීල නැද්ද ලංකාවෙ කෙරෙනව වගේ? එහෙම කෙරුවනම් ෆේල් වෙන ටික අයින් කරගන්න තිබුණා අපේ සාර්ථක නායකතුමාට.

:       22       51

Nimal 1 Friday, 07 March 2025 05:54 AM

මොහුට තවත් දෙන්න තිබුනේ Al Jazeera කණ්ඩායමෙන් . රට වැනසුව පාහරයා . මෙය දෙවැනි අවස්ථාව ජාත්‍යන්තරයේ මේකා කීච වුණ

:       23       43

Ran Tha Friday, 07 March 2025 06:35 AM

පාස්කු ප්‍රහාරය දවසෙ මුලු රටම කම්පා වෙද්දි රනිල් ඇතුලු හොර නඩය පමනක් හිනා වෙවී වොයිස් කට් දීපු හැටි මුලු රටටම මතකයි...

:       15       51

Perera Friday, 07 March 2025 07:17 AM

රනිල් හිතන් ඉන්න ඇති Al Jazeera කියන්නේ මිනිහාගේ කාලේ රූපවාහිනී සංස්ථාව වගේ, රනිල්ට ඕන ප්‍රශ්න අහාවි කියලා වෙන්න ඇති.

:       30       30

ගුණරත්න Friday, 07 March 2025 07:26 AM

මම ඔය සංවාදය ඊයේ බැලුවා, එතන නිවේදකයා උත්සාහ කලේ රනිල් අවුස්සලා බිඳ දමන්න. ප්‍රශ්නයක් අහල රනිල්ට උත්තර දෙන්න දෙන්නේ නැහැ, ගොනා වගේ මැද්දෙන් පැනල බෙරිහන් දෙනවා. මොට්ට යකෙක්.එතන කතා කරපු කාලය බැලුවම නිවේදකයාගේ පල් හෑලි ප්‍රස්න වලට ගත වුනු කාලය රනිල් කතා කල කාලයට සමානයි එකෙන් පේන්නේ මාධ්‍යවේදීයා කිව්වට ඌ උත්සාහ කලේ ඌගේ මතයක් එතන ප්ලාන්ට් කරන්න.

:       20       45

අල් ජසීරා Friday, 07 March 2025 08:36 AM

මේකේ එයා නාපුවා දාලා නෑ නේ...ලංකාවේ මාද්‍ය හා විදේශ මාද්‍ය කියන්නේ දෙකක් කියල මෙ ප්‍රවෘත්තියෙන්ම පේනවා .

:       11       21

Sudelmi Friday, 07 March 2025 08:39 AM

මේ මිනිහා නීතිඥයෙක් වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ, ඔහු කිව්වා කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැත්නම් බටලන්ද වාර්තාවක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු කිව්වා ගෝඩ් ෆ්‍රයිඩේ ප්‍රහාරයට කොමිසමක් පත් කළා කියලා, ඒක වාර්තාවක් වෙන්නේ කොහොමද කියලා, මොකද ඔහුගේ කොමිසමේ වාර්තාව කවදාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා කවුරුත් මේ මිනිහව විශ්වාස කරන්නේ නැහැ.

:       21       21

වෙට්ටච්චි Friday, 07 March 2025 09:08 AM

දැක්කනේ අපේ රනිල්ගේ වැඩ. බයත් නෑ කෙලින් කතාකරනවා ඕනෑම තැනක. ඒකනේ පළපුරුද්ද ඕනෑ කියන්නේ ඕනෙම දේකට.

:       17       23

කව්ද බෝයි Friday, 07 March 2025 09:42 AM

අත්දැකීම් නැති, පළපුරුදු නැති, ෆෙරාරි ලයිසන් නැති, මාද්‍ය වේදියෙක්.

:       10       22

ලුම්බිණි Friday, 07 March 2025 09:44 AM

රනිල් තමන්ගේ අමන කම ලෝකයටම පෙන්නුවා .

:       22       27

පම්පෝරි ජනක Friday, 07 March 2025 11:18 AM

සුපුරුදු පරිදි මම දේශපාලනය කරන්න අවේ උඹල ඉපදෙන්නත් ඉස්සෙලා කියල මිනිහගේ අත්දැකීම් පම්පෝරිය ගහන්න ගිහියහම හම්බ වුණා හොඳ උත්තරයක්

:       10       20

Naleen Friday, 07 March 2025 01:33 PM

දැඩි ස්වරයක් නෙවෙයි ගලේ පහරපු බලලා වාගේ ඇඹරුණා. බෞද්ධ ටෝක් එකක් දීලා ගොඩ යන්න බැලුවට නාකි හිවලා හරියටම හිර වුණා.

:       5       13

B Amarasinghe Friday, 07 March 2025 03:02 PM

අල් ජසීරා එකෙන් රනිල් ෆේල් නැත්නම් ලංකාවට ඇවිල්ලා කෙඳිරි ගාන්න ඕනෙද

:       1       2

de silva Friday, 07 March 2025 04:02 PM

ප්‍රහාරය සංවිධානය කළේ රාජපක්ෂ ජුන්ටාව මෙයා රාජපක්ෂ ජුන්ටාවේ රූකඩයක්, මේවා මෙයාගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්, අනිවාර්යනෙම තව මාස 2-3 යනකොට ඔක්කොම එලියට එනවා.

:       1       3

ලූට මූස් Friday, 07 March 2025 04:30 PM

මමත් ඒක බැලුවා, සීයට චූ පොඩ්ඩකුත් ගියාද කොහේද…?

:       1       4

පොඩිඑකා Friday, 07 March 2025 04:31 PM

සෙලෙන්ස්කි ජෝකරයාට වෙච්චි එකේ අනිත් එක වුනේ අපේ ජොලි සීයාට...

:       1       3

ලක්විදු Friday, 07 March 2025 04:35 PM

මම ඒක බැලුවා. සීයා පොර වෙන්න ගිහිං ‘පොරි’ වුණා...

:       1       4

Bunny Preena Saturday, 08 March 2025 11:41 AM

පෙරත් ජර්මානු මාධ්‍යෙව්දියෙක් එක්කත් පැටළුණා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 131 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 97 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 197 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 17 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1163 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 704 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site