IMG-LOGO

රන්ජන් නිදහස් කරගන්න කළ හැකි දේ සොයා බලන්න

(අංජුල මහික වීරරත්න)

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්  ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබේ.

මෙි අතර සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබේ.

තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක මහතා සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා ඇත.

තමා  පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවද රන්ජන් රාමනායක මහතා පවසා ඇත.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.



අදහස් (9)

රන්ජන් නිදහස් කරගන්න කළ හැකි දේ සොයා බලන්න

fairoos Thursday, 02 June 2022 07:23 PM

සර්ට කඩේ ගිය අයට දැන් සැපද?

:       0       0

කිරි පුතා Thursday, 02 June 2022 07:58 PM

පට්ට සෙල්ලම. එයාලා දානවා මෙයාලා ගන්නවා. මෙයාලා දානවා එයාලා ගන්නවා. රටේ නීතිය ....

:       0       3

de silva berlin Thursday, 02 June 2022 09:14 PM

හරීන් රංජන් නිදහස් කරන්න කියමින් කලු සාටක දමාගෙන විශාල විප්ලවයක් කළ හරීන්, මනූෂ දෙදෙනා රංජන් නිදහස් කරන්න කියලා ජිනීවා පවා ගියා. ආණ්ඩුවට යන්න කළින් මේ දෙදෙනාට මේක කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් කළේ නැහැ. දෙදෙනාම අවස්ථාවාදීන් බව පෙනෙනවා. රංජන්ගේ ප්‍රජා අයිතිය නැති වුණත් රංජන්ගේ කතාකිරීමේ නිදහස නැති කරන්න බැහැ.

:       0       1

Bamunuarachchi Thursday, 02 June 2022 10:01 PM

රන්ජන් ගරුඅධිකරණයට අපහාස කල කෙනෙක්. ඔහුව නිදහස් කිරීම ඔය කියන ජනාධිපති බලතලවලට යටත්ද? දුමින්ද නිදහස් කිරීම නීති විරෝදීනම් රන්ජන් නිදහස් කිරීම නීති විරෝධී නොවෙයිද? ඔයදෙක අතර අතර වෙනස මොකක්ද? ජනාධිපති සමාව වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද?

:       3       3

Kumara Friday, 03 June 2022 03:42 AM

ලාබ ක්‍රමයට බොරුවට ජනතාවගේ හිතදිනාගන්න හදනවා. මෙයාට මොනවද කරන්න පුළුවන්? කරන්න ඕන දේවල් කොච්චර තියෙනවද?

:       2       4

Senarath Friday, 03 June 2022 09:07 AM

රංජන්ව මෙහෙයවලා විනිසුරුවරුන්ට බලපෑම් කරපු ඒවට අන්තිමට රංජන්ට තමයි හිරේ යන්න සිදුවුණේ.. නැවත ඔහුව යොදාගන්න පුළුවන් වෙන විදිහට සැලසුමක් හදනවා වගේ පේන්නේ.

:       0       4

Bamunuarachchi Friday, 03 June 2022 11:00 AM

රන්ජන් නිදහස් කරගන්න එකද අපිට තිබෙන ලොකුම ප්‍රස්න? රන්ජන් නිදහස්කර ගන්න එක එක හිරුනිකාට බාර දීල ඔබ රටේ පශ්න විසඳන්න. බැරිනම් දාලා යන්න.

:       7       4

Chinthaka Friday, 03 June 2022 01:07 PM

රටේ ජනතාව හිඟානොකා හිඟන තැනට පත්වෙලා ඉන්නවා. මේකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය...?

:       0       0

චින්තක Friday, 03 June 2022 01:45 PM

රටේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කර මෙම සිද්ධිය ගැන විමර්ශණය කළ නොහැකිද? ඇත්තටම සුනාමි නඩුව ගැන එය විමසූ කෙනා කියපු දේ අනුව රංජන් වරදක් කළාද? පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කරන්නවත් බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site