
(රෝෂන් තුෂාර)
මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍යයේ පළකළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(05)නියෝග කළේය.
මහා විරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල විය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීම යන මෙම ක්‍රියාදාමය තුළින් සැකකරු දණ්ඩ නිතී සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම් වලින් පසුව සැකකරුට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේනුක පෙරේරාට ඇප