(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීයාවේදී ව්‍යාපාරිකයකු සමග ලිංගිකව හැසිරෙන අතරතුර එය හොර රහසේ වීඩියෝ ගතකර පසුව එම ව්‍යාපාරිකයා බිය වද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රූමත් කාන්තාවක සහ එයට අනුබල දුන් 45 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත, ජුම්මා මස්තිස් පාරේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ 45 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
බේරුවල , එගොඩවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි .
සැකකාර කාන්තාව ඉන්දියාවේ දී පැමිණිලිකාර ව්‍යාපාරිකයා හදුනාගෙන ඇති අතර , එහිදී ඇතිවූ සම්බන්ධ කමක් මත අවස්ථා කිහිපයකදී ලිංගිකව හැසීරී එය සිය ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝ ගතකර ඇතැයි පොලිසිය කීය.
සැකකාරිය එම දර්ශන සීඩී තැටිවලට පටිගත කොට ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ට පෙන්වන බවට බියවද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන ඇතැයිද පොලිසිය කීය.
ඉතිරි මුදල ලබාගැනීම සදහා, සැකකාරිය එයට අනුබල දුන් පුද්ගලයා සමගින් මෝටර් රථයකින් පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් ඔවුන් පරීක්ෂා කිරීමේදී දෙදෙනා ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුලත් සීඩී තැටි 2 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඔවුන් පැමිණි මොටර් රථයද භාරයට ගත්බව පොලිසිය පවසයි .
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රති ක්‍රීඩාවේ යෙදී වීඩියෝගත කර බියවද්දා කප්පම් කාලා