IMG-LOGO

රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි

( ප්‍රින්ස් රත්නායක) 

 රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත.
 

ඒ අනුව බළන්ගොඩ 34 ඇතුළු ක සහ රත්නපුර දිස්ත්‍රක්කයේ 320කට ආසන්න ප්‍රමාණයකගේ පරීක්ෂණ කල් දැමීමට සිදුව තිබේ.
 
 මේ අතර කෝවිඩ්  ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ බළන්ගොඩ ප්‍රදේශයේ 6 ක අතුලු 34 ක ගේ පී.සී.ආර්. පරීක්ෂණ එළඹෙන 21 වැනිදා පැවැත්වෙන බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
 
 මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කොළඹින් කණ්ඩායමක් 21 වැනිදා පැමිණීමට නියමිත බවත් එම පරීක්ෂණ පැල්මඩුල්ලේදී සිදු කිරීමට  නියමිත බව හෙතෙම සඳහන් කළේය.
 
මේ වන විට ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ 06 දෙනාගෙන් අයෙක් හමුදාවේ නියුතු අයෙකු බවත් ඔහු හමුදාවෙන් රැගෙන ගොස් ඇති අතර කොරෝනා ආසාධිතයෙක් සිටි තංගල්ල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ අයෙක් එම පුද්ගලයා ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇත.
 
 පළමු ඇසුරක් පැවැත්වූ 06ක් සහ ඔවුන් ගේ පවුල්වල පුද්ගලයන් 28ක් ඇතුලු 34 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම පුද්ගලයන්ගේ පරීක්ෂණ රත්නපුර රෝහල් පී.සී,ආර් යන්ත්‍රය අක්‍රියවීම හෙතුවෙන් කොළඹින් මෙම පැමිණෙණ තෙක් සිටීමට සිදුව ඇති බවද වාර්තාවෙයි.
 
 මේ අතර රත්නපුර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් 14 වැනිදා මෙම පී. සී. ආර් පරීත්ෂණ සම්බන්ධව වීමසීමක් කළ අතර රත්නපුර රෝහළ වෙත පරීක්ෂණ සඳහා පැමිණ නැති බවත් ඒ පිළිබඳව තොරතුරු නොදන්නා බවත් සඳහන් කළේය. 



අදහස් (2)

රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි

සීතා Wednesday, 15 July 2020 03:45 PM

මතක විදියට නම් රත්නපුරයට ඔය යන්ත්‍රය ලැබුණේ ව්‍යාපාරිකයින්ගේ පරිත්‍යාගයක් විදියට. ඒ රත්නපුරයේ පළමු ආසාධිතයා හඳුනාගත් පසුයි. එදින සිට අද වෙනවිට ගත වූ සුළු කාලය තුළ එලෙස යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව සොයා බැලිය යුතුයි. .

:       0       0

සමන්තThursday, 16 July 2020 01:40 PM

මේ පැත්තේ එක්ස්රේ යන්ත්‍ර මැණික් වැඩ නිසා අක්‍රීය වෙනවා කියලා කථාවක් අසා තිබුණා.. මෙම යන්ත්‍රයෙනුත් මැණික් වැඩ කරනවද කියලා පරීක්ෂා කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 479 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site