(රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා ඝාතනය කළ සමයේදී කඩයකට රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක මහතා ඇතුළු 6 දෙනකුට රත්නපුර මාහධිකරණයෙන් නියම කළ බරපතළ වැඩ සහිත පස් වසරක සිර දඬුවම අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම ඊයේ (26) නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
මෙම අභියාචනා පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුරේ රාජා සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය සිදුවූ සමයේදී රත්නපුර ප්‍රදේශයේ කඩයක් කඩා දමා රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි. එම නඩුව විභාගයට ගැනීමෙන් පසු පෙත්සම්කරුවන් අදාළ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුනට බරපතළ වැඩ සහිතව වසර 5ක සිරදඬුවම් නියම කෙරිණි.
ඉන් අගතියට පත් පෙත්සම්කරුවන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය නිෂ්ප්‍රභ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර ප්‍රා.සභා හිටපු සභාපතිගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
C.K.Lankaputhra Tuesday, 27 June 2023 06:20 AM
ඕක මොකක්ද, කඩයක්නේ, අර රාජ සභා මණ්ඩපයක්ම කඩා දැමූ කෙනාට මොකද වුනේ..? මයිල් ගහකට අත තියන්න පුලුවන් වුණාද? සැමන් වගේද වැටකොලු, පතෝල නේද?
Bunny Preena Tuesday, 27 June 2023 10:16 AM
නඩු තීන්දු ලැබෙන්නේ බොහොමත්ම ප්‍රමාධ වෙලයි .එවැනි දේවල් වලක්වා ගැනීමට ක්‍රමයක් ඇත්තෙම නැතිද
Kularathne Tuesday, 27 June 2023 12:22 PM
ලිප ගිනි මොළවන තෙක් දිය සිලියේ -සැපයක් මෙන් කකුළුවා කෙලියේ එපවත් තොප සිත තොත් නොපැකිලියේ -සැපයක් නම් නැත කම් රස කෙලියේ