IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රණවිරු සැමරුම් උළෙලින්

(යොහාන් භාසුර)

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසළදී අද (19) පස්වරුවේ පැවැත්විණි.

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් දින වන 2009 වසරේ මැයි මස 19 වැනිදා අනුස්මරණය කරමින් ‘විජයග්‍රහණයේ සැමරුම’ ලෙස මෙම වාර්ෂික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආබාධිත රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන් සහ දිවිපිදූ රණවරුවන්ගේ ඥාතීන් ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පිරිස පෙළපාලියකින් සැමරුම් උත්සව භූමිය වෙත පැමිණියහ.

විරෝධාර රණවරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් පසුව බෙරවාදන ශිල්පීන් සියයට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් රණවිරුවන් සමරමින් ‘රණබෙර වාදනයක්’ පැවැත්වීය.

අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රණවරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වූ අතර යුද ජයග්‍රහණයේ සේනාධිනායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු විශේෂ ආරාධිතයෝ ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ලෙස අති විශිෂ්ට සේවයක් කළ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු මෙන්ම වර්තමාන ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීහූ ද රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වූහ.

යුද්ධයේදී දිවිපිදූ රණවරුවන්ගේ මව්වරු, පියවරු, බිරින්දෑවරු සහ දරුවන් ඇතුළු ඥාතීන් රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වූ අවස්ථාව වඩාත් සංවේදී අවස්ථාවක් විය.

එහිදී ඇතැම් රණවරුවන්ගේ මව්වරු සිය දරුවාගේ නම රණවිරු ස්මාරකයේ සටහන් කර තිබූ ස්ථානය වර්ෂාව මධ්‍යයේ සෙවූ ආකාරය බොහෝ දෙනාගේ අවදානයට ලක්වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුමේ කොටස්කරුවන් වන දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානීන් රැසක් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (3)

රණවිරු සැමරුම් උළෙලින්

Sanka Sunday, 19 May 2024 11:28 PM

ඉතාම අනුවේදනීය ඡායාරූපය තමයි කුඩය අල්ලා ගෙන තම දරුවාගේ නම හොයන තාත්තා. එය විතරක් පල කරානම් ඇති.

:       0       8

Indhika Monday, 20 May 2024 06:54 AM

ඡන්ද කැඩෙයි කියල මඟ හැරලා.

:       0       5

Upul Monday, 20 May 2024 01:27 PM

ජනාධිපතිතුමා මැදචච්චි ගිහිල්ලාද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site