IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

සිය සැමියන්ගේ විශ්‍රම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්දයේ දි දිවිපිතු රණවිරුවන්ගේ බිරින්දෑවරු  කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම්කර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදුනාහ.

අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු  1000කට පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජබුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකරගෙන සිටිති.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.



අදහස් (11)

රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ

දිමුත් Thursday, 08 April 2021 06:57 AM

ඇයි ඡන්දෙට කලින් ඔය ප්‍රශ්නේ තැඹිලි වතුර දීලා විසදුවා නේද?

:       126       85

Pushkara Epa Thursday, 08 April 2021 07:37 AM

දැන් සැපද?

:       113       87

ChathuraThursday, 08 April 2021 07:49 AM

ඉස්සර වගේ බැටන් පොලු, ජල ප්‍රහාර ලැබෙන්නේ නැති නිසාද?

:       71       105

sunil Thursday, 08 April 2021 07:41 AM

අර කටුව ඇනිච්චි නංගි නැද්ද?

:       93       73

Ananda Thursday, 08 April 2021 07:57 AM

පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවෙන්ම පොලිසියට ගල් ගස්සවලා.

:       87       72

fairoos Thursday, 08 April 2021 08:58 AM

රණවිරු ගාය තාම ඉවර නැද්ද? කඩේ ගිය අයට දැන් සැප ඇතිද?

:       171       63

විපරමා Thursday, 08 April 2021 09:12 AM

රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන දැනුමක් ඇති නායකයා ,හමුදාවේ ලොක්කොත් ලන්කරගෙන රට කරවන එකේ විසදුම් දෙයි කියලා හිතාගෙන හිටියට වැඩක් වෙලා නැහැ වගේ. ඔය ඔක්කොම සුරංගනා කතා බලයට එනකම් විතරයි .කෝ අර කියාපු සෞභාග්‍ය දැක්ම ?

:       76       65

විජිත් Thursday, 08 April 2021 09:58 AM

(අප විශ්වාස කරන ආකාරයට) මේ ලොව බිහිවූ විශිෂ්ඨතම අධ්‍යාත්මික ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ චීවරය අවභාවිතා කරන ඔය බමුණන් රැලම සමාජයෙන් පන්නා දැමිය යුතුයි. යමෙක් මහණදම් පුරන්නේ මේ ලොව ඇති සියලුම භෞතික සම්පත් අතහැර... නිවන නම් වූ සසරේ ගමන කෙළවර අත්විඳීමටයි. නමුත් මේ ධර්මද්වීපය කියා බෝඩ් ගසාගෙන තිබෙන ගෝත්‍රිකයින්ගේ දූපතේ සිදුවන්නේ අනෙකකි. කහ සිවුරු හැඳගත් ඇතැම් ජූජක බමුණෝ කාමසුඛල්ලිකානු යෝගයේ යෙදෙති. මොන පාට පක්ෂයක වුනත් කමක් නැත.. සියලුම දුශ්ශීල ජූජක බමුණන් සමාජයෙන් පලවා හැරිය යුතුය.

:       19       66

සෙනෙවිරත්න Thursday, 08 April 2021 02:10 PM

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ තමයි පළමු ආදර්ශය.., එතුමා පන්සලේ දේශපාලනයත් කළා... දැන් ප්‍රමාදයි.

:       16       14

Demuni Uduwara Thursday, 08 April 2021 04:54 PM

විමල් කෝ?

:       6       12

Don perera Thursday, 08 April 2021 06:30 PM

කෝ අපේ 69ක් කට්ටිය..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site