IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රණවිරුවන් 35 කට කෘත්‍රීම පාද

(අජිත්ලාල් ශාන්තඋදය)

යුද්ධයේ දී පාද අහිමි වූ රණවිරුවන් වෙත කෘත්‍රීම පාද ලබාදීමේ වැඩසටහනක්    සබරගමු පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී ක‍්‍රියාත්මක විය.

කෘත්‍රීම පාදයක් භාවිත කළ හැක්කේ ටික කාලයක්ය. එහෙත් පාද අහිමි රණවිරුවන්ට කෘතීම පාද  වසරින් වසර හෝ ඊට ආසන්න කාලයක් තුල නැවත අලූතින් ලබාගැනීමට යන වියදම දරාගැනීමට අපහසුය.

මේ හේතුවෙන් සබරගමුව සහ ඌව යන දෙපළාතේ පදිංචි පාද අහිමි රණවිරුවන් තිස් පස් දෙනෙකුට අලූතින් කෘතීම පාද ලබාදීමට මෙදින කටයුතු කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරිය මෙම කෘතීම පාද සදහා යන වියදම දරනු ලබයි. කෘතීම පාද සාදාදිමට අවශ්‍ය මිනුම් කටයුතු මෙදින සිදුකෙරුණේ ඒවා නිෂ්පාදනය කරන මිනුවන්ගේ ශක්ති ආයතනයේ නිලධාරීන් විසිනි. 

බරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද ඒ අවස්ථාවට පැමිණ ආබාධිත රණවිරුවන් සමග අදහස් හුවමාරු කරගත්තේය.

රණවිරුසේවා අධිකාරියේ සබරගමු පළාත් නිලධාරී රෝහණ විජේරත්න, දිස්ත‍්‍රික් නිලධාරීවරුන්වන ආර්.ජී. ජයවික‍්‍රම සහ දර්ශන ජයසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

රණවිරුවන් 35 කට කෘත්‍රීම පාද

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site