(අංජුල මහික වීරරත්න)
ආපදා වලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක් වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරේ.
එසේම, විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්හට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රට විරු දරුවන්ට ජනපති අරමුදලෙන් මුල්‍යාධාර