
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදේශගත නොවූ සිවු දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) තොරතුරු අනාවරණය වී ඇත.
හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සියල්ල කර ඇති බව පැහැදිලි යැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පැවසීය.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කරන ලද විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී ඇති බවට සැකයක් මතුවන බවයි.. මේ සම්බන්ධයෙන් සිදුකර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
377
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරු වාහන බලපතින් ගැහිල්ලක්
Nandana Sunday, 06 April 2025 12:54 PM
විදේශගත ශ්‍රමිකයන්ගේ ගිණුම් වලට උන්ඩියල් මගින් සල්ලි යවනවට ඒවා ලංකාවට ගෙන්නගෙන වාහන සේල් කාරයින් .... පර්මිට් හදාගත්ත ඒවා දන්නේ නැද්ද?
මම විරුවා aka බකල ජයාSunday, 06 April 2025 03:20 PM
රට විරුවෝ, සුව විරුවෝ, අර විරුවෝ, මේ විරුවෝ කියාගෙන එන්නේ ආදරේට ඇර වෙන දේකට නොවේ...
කෞෂිSunday, 06 April 2025 03:57 PM
එහෙම කියන්න එපා. සුව විරුවෝ ආදරෙන් ප්‍රතිකාර කරනකොට ලෙඩ විරුවෝ ඉක්මනින්ම සුව වෙනවා.
Rata Perata Sunday, 06 April 2025 03:24 PM
පහුගිය පාලන කාලවල දූෂණයක්, හොරකමක් නැතිව තිබුණු එක රාජ්‍ය ආයතනයක්වත් නෑ. ලංකාවම හොර ගුහාවක් වෙලා තිබුණේ.
fairoosmr Monday, 07 April 2025 12:41 PM
දැං ඉතිං මේ අයට විරුද්ධව නඩුවක්වත් නැද්ද? මනුෂ නානායක්කාර නේද හිටපු ඇමති ?