IMG-LOGO

රට විරුවන්ගේ දායකත්වය ඉහළට

(ඩයනා උදයංගනී)

පසුගිය වසරට සාපේක්‍ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සියයට 68.8කින් ඉහළ ගොස් ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ ආණ්ඩුව බලයේ සිටින තුරු විදෙස්ගත ශ්‍රමිකයන් රටට ඩොලර් නොඑවන බව විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ පැවසුවත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළයමින් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

පුහුණු ශ්‍රමිකයන් වැඩියෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ට ලබාගැනීමට හැකිවනු ඇතැයි ද ගුණවර්ධන මහතා කීවේය.



අදහස් (3)

රට විරුවන්ගේ දායකත්වය ඉහළට

nalin Tuesday, 14 February 2023 07:38 PM

මම නම් ආයෙ ඩොලර් එවන්නෙ නෑ ලන්කාවට චන්දෙ තියනකන් චන්දෙ තිබ්බහම පස්සෙ සල්ලි එවන්නම්

:       0       0

Sk dubai Tuesday, 14 February 2023 10:08 PM

රට ඉන්න අපිගෙන් සල්ලි ලැබුනට අපිට සලකන්න කිසිම කෙනෙක් නෑ

:       0       0

Lalla Wednesday, 15 February 2023 08:29 AM

ඉතින් ජොලිකර විනාශ කර දාපල්ලා. සැත්කම් නවතා බෙහෙත් පොහොර නවතා රට සවාරි ගහපල්ලා. ලොව වැඩිම මිල ඇති හෝටල්වල නැවතියල්ලා.අනාගත්ත රජ කුමාරවරුන්ට කිකිලියෝ එක්ක සවාරි දීපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site