IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘රට වෙන්දේසි නොකරන නායකයන් තෝරා ගත යුතුයි’



විනීතා එම් ගමගේ
 
පාර්ලිමේන්තු මැතිවරණයේ දී නායකයන් ලෙස කවුරුන් තෝරා ගත්තත් රට වෙන්දේසි නොකරන අය තෝරා ගන්නට කටයුතු නොකරන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංස හිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.


මව්බිම ගැන තීරණයක් ගන්නට ඇති අනගිතම අවස්ථාව ඉදිරි මැතිවරණය යැයි ද රටේ සංස්කෘතිය සභ්‍යත්වය අපේ කම රකින කණ්ඩායමක් රට පාලනය කරන්නට ගෙන ඒමේ අවස්ථාව මෙම මැතිවරණයෙන් උදාකර ගත හැකි යැයි ද උන්වහන්සේ කීහ.


මහ මැතිවරණයක්  ලබා ගත හැකි වීම රටේ අනාගතය ගැන බලද්දී ඉතා හොඳ එකක්  යැයි ද ගුණවංශ හිමියෝ කීහ.


කොකාට වාරයක් ආවේ නම් තිත්තයාටද වාරයක් එන්නේ යැයි ද මේ පැමිණ ඇත්තේ තිත්තයාගේ වාරය යැයි ද උන්වහන්සේ පැවසූහ.


ඉදිරි මැතිවරණයේ දී එක් එක් පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප‍්‍රකාශන දෙස බලා රටට ජාතියට සැබෑ මෙහෙයක් ඉටු කෙරෙන පක්ෂය කුමක් දැයි තෝරා බේරාගෙන ඊට සහය දක්වන බව ද ගුණවංශ හිමියෝ කීහ.


තමන් විසින් ද ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන බවත් ඒවා ලබා දීමට සුදානම් පක්ෂය හෝ කණ්ඩායමට උපකාර කරන බව ද  උන්වහන්සේ පැවසූහ. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වී යනවාට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත් කිරිබතට, ගොක් කොළයට, දවුලට තැන දුන් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවතීමට හොඳ නායකත්වයක් අවශ්‍ය වන බවත් උන්වහන්සේ පැවසූහ.  


මෙතෙක් පැවැති ආණ්ඩු සියල්ලේ ම දේශපාලඥයන් කථා කළේ තමන් ගේ ප‍්‍රශ්න මිස රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන නොවේ යැයි පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනතාවට ඇත්තේ දේශපාලඥයින්ට ඇති ප‍්‍රශ්න නොවේ යැයි ද කීහ. 


ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ අදහස් පළ කළේ තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (11) පැවති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (0)

‘රට වෙන්දේසි නොකරන නායකයන් තෝරා ගත යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site