IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රටේ ලක්ෂ හතක් නිදි නැතුව වැඩ

(සුජිත් හේවාජුලිගේ)

සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා පැවසීය.

හැත්තෑ නවලක්ෂ අනූ නව දහස්  අනූ තුනක් වන රටේ ශ්‍රම බලකායෙන්   4095493ක්  පැය  හතළිහට වැඩියෙන් වැඩ  කරන බව ඔහු ප්‍රකාශ කළේය.

සතියකට පැය 40 ක් හෝ  ඊට වැඩියෙන් වැඩ කළ පිරිස 2022 වර්ෂයේ දී සියයට 56.2 ක්   බවත්  මේ වසරේදී එය සියයට 65.8ක් දක්වා සියයට දාහතක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර සතියකට පැය දහයත්  තිස් නවයත්  අතර වැඩ කරන පිරිස  2022 වර්ෂයේදී  සියයට 27 ක් ලෙස පැවතුණු බව පැවසූ මහාචාර්යවරයා එම සංඛ්‍යාව මේ වසරේදී සියයට 29. 7 ක් දක්වා සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.

සේවා නියුක්තියන් අතරින් සතියකට පැය එකත් නවයත් අතර වැඩ කරන පිරිස 2020 වසරේදී සිටියේ සියයට 2.1කි. එය  මේ  වසරේ මේ දක්වා කාලයේදී  සියයට 1.9කින් අඩු වන බව එම වාර්තාවල දැක්වෙන්නේ යැයි වසන්ත අතුකෝරළ මහතා කීවේය.

සතියකට වැඩ කරන පැය ගණන හතළිහට වැඩිවී ඇත්තේ ආර්ථික උද්ධමනය යනාදී හේතු සැලකිල්ලට ගෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.


 



අදහස් (1)

රටේ ලක්ෂ හතක් නිදි නැතුව වැඩ

Prabha Sunday, 01 September 2024 12:08 AM

වරාය, දුම්රිය වගේ තැන්වල සමහරු පැය 24 වැඩ කරන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site