IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට යවන හුටපටයකට තරුණයකු පැහැරගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රී රෝද රථයකින් පැමිණි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තරුණයකු පැහැරගෙන රැගෙන යමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව මතුගම  පොලීසිය කියයි.

මීගහතැන්න දියපත්තුගම පොල්ගම්පල  31 හැවිරිදි තරුණයකු මෙසේ පැහැරගෙන ගොස් ඇත.

වත්තල එඬේරමුල්ලේ පදිංචි කාන්තාවක් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන විදේශ ගත නොකිරීම සහ ලබාගත් මුදල් ලබා නොදීම හේතුවෙන් එම කාන්තාව තවත් පුද්ගලයන් තිදෙනකු සමග  පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මතුගම පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත නිලධාරීන් අලුයම 1.20 ට පමණ මතුගම නගරයේ දී ත්‍රිරෝද රථයක් නවත්වා ඇති අතර ඒ තුළ සිටි තරුණයකු" සර් මාව පැහැරගෙන යනවා සර්" යනුවෙන් කෑ ගැසීම ඇසුනු පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී තරුණයා බේරාගෙන සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

 



අදහස් (0)

රට යවන හුටපටයකට තරුණයකු පැහැරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site