
(යොහාන් භාසුර)
නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩංගු බහාළුම් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
එම බහාළුම් දෙකක තුළ අබලි ඇලුමිනියම් කුට්ටි කිලෝ 14,070 ක්, අබලි තඹ කිලෝ 7,480 ක්, අබලි ඇලුමිනියම් කිලෝ 4,500 ක් සහ අබලි වානේ කිලෝ 6,780 ක් තිබූ බවත් එම බහාළුම් තුළ සිලිකන් ආලේපිත විදුලි තහඩු කිලෝ 40,000 ක් අඩංගු බව අපනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළ රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කලගෙඩිහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අපනයකරු එම යකඩ ලෝහ තොගය ඉන්දියාවට අපනයන කිරීමට උත්සාහ කළ බවත් අදාල සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් පවතින අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් පසු රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවත් රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට යවන්න ගිය පරණ යකඩ තොගයක් රේගුවෙන් අල්ලයි