IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘රට මුහුණ දී ඇති දුෂ්කරතාව ගැන හිතන්න‘‘ - රෝටරි සභාපතිනි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ආයතන ලාභය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වැළකී, රට මුහුණදී ඇති දැඩි ආර්ථික දුෂ්කරතාව හමුවේ සමාජ, පාරිසරික සහ මූල්‍ය යන ත්‍රිත්වයේ පහළම මායිම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව රොටරි ඉන්ටර්නැෂනල් සංවිධානයෙහි ප්‍රථම කාන්තා සභාපති වන ජෙනිෆර් ජෝන්ස් මහත්මිය පැවසුවාය.

‘පරිසර තිරසාරත්වයෙන් පටන් ගනිමු’ ලෙස රොටරි ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිලාභ ගෙන දෙන අභියෝගාත්මක පැල මිලියනයක ව්‍යාපෘතිය අගය කරන බව කී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය එය මිනිසුන්ට සහ පෘතුවියට ද ප්‍රතිලාභ ගෙන දෙන බව ද සඳහන් කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කරන ආයතනවල නිලධාරීන් අමතමින් ජෝන්ස් මහත්මිය එසේ පැවසුවාය.

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා ආයතනවලින් ඉල්ලා සිටියේ මෙම නව ව්‍යාපෘතිය සඳහා රොටරි සමාගම හා එක්වී රට පාරිසරික විපත්වලින් ආරක්ෂා කරගැනීමට සහය දක්වන ලෙසයි.

‘වන් මිලියන් ටී්‍ර’ ව්‍යාපෘතියේ සභාපති ගෞරි රාජන් මෙනවිය පැවසුවේ, ‘රොටරි වන් මිලියන් ටී්‍ර’ ව්‍යාපෘතිය සුවිශේෂී වැඩසටහනක් වන්නේ මෙම පැළ රෝපණය කිරීම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් බිම් කොටසක් හාවිතා කිරීම හා රෝපණය කිරීමෙන් පසුව ඒවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් රැකබලා ගැනීම සහ ව්‍යාපෘතිය වාර්ෂිකව විගණනය කරන බැවින් පූර්ණ විනිවිදභාවයක් සහ වගවීම සහිත බවත්ය.

රොටරි ශ්‍රී ලංකා සේවය පිළිබඳව පැහැදිලි කරමින් දිස්ත්‍රික් ප්‍රධානී පුබුදු ද සොයිසා ප්‍රකාශ කළේ රුපියල් බිලියන 200 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කර ඇති බවය.

 



අදහස් (1)

‘‘රට මුහුණ දී ඇති දුෂ්කරතාව ගැන හිතන්න‘‘ - රෝටරි සභාපතිනි

podiaarachchi Friday, 16 December 2022 10:06 AM

මේකත් නිකන් අනිත් හැම ප්‍රෝඩාවක් වගේම "හුලන් පොල්ලක් ".එනවා කනවා බොනවා බන ටිකක් කියලා මැරිච්ච උන්ට පින් දීලා යනවා.සමහර දූපත්වල ගතවෙන්නේ කාලකන්නි ජීවිත දැක්කහම

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site