IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා

(යොහාන් භාසුර)

පීඩනයකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් මුදලට වඩා මුදල් ගැනීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා කටයුතු නොකළ බවත් ජනතාව වින්දිතයන් බවට පත්වෙමින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණ ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාරිලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට ඉතිහාසයේ විශාලතම සමුද්‍ර දූෂණය සිදුකිරීම හේතුවෙන් නෞකාවේ අයිතිකරුවන් සහ රක්‍ෂණ සමාගම්වලින් රජයට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක අති විශාල මුදලක් ලබාගැනීමේ අවස්ථාව තිබූ බව කී ජී. එල්. පීරිස් මහතා එය අයි.එම්.එෆ්. එකෙන් වසර 4 කින් ලබාගැනීමට නියමිත මුදලට වඩා දෙගුණයක් බව ද සදඟන් කළේය.

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන ණය මුදල සහ පොලිය ගෙවිය යුතු වුවද ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් වූ විනාශයට රටට අයිති මුදලක් ලැබෙන නිසා නැවත ගෙවීමක් නොමැති බව කී මහාචාර්වරයා පැවසුවේ මෙම අනතුර වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණත් කිසිඳු දෙයක් නොකිරීම නිසා මේ වන විට පැය 600 ක් පමණ කෙටි කාලයක් පමණක් ඉතිරි වී ඇති බවත්ය.

සිංගප්පූරුවේ නඩු පැවරීමෙන් තවත් ඩොලර් වියදම් කිරීමට සිදුවන බව කී ඒ මහතා මෙම සිද්ධිය ශ්‍රී ලංකා ජල තීරණයේ වූ සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව තුළ නඩු පැවරිය යුතු බවත්ය. මෙම සිද්ධියට නඩු පැවරීම ප්‍රමාද වීම නොසැළකිල්ලක් නොවන අතර මෙය මහා පරිමාණයේ දූෂණයක් සහ වංචාවක් බවත් එම චෝදනාව කරන්නේ මෙරට අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

රටට හිමි ඩොලර් බිලියන 6.4 වැලැක්වීම සඳහා ඩොලර් මිලියන 250 ක් බි්‍රතාන්‍ය බැංකුවකට ගෙවා ඇති බව අධිකරණ අමාත්‍යවරයා සාක්‍ෂි ඇතිව ඉදිරිපත් කර ඇති බව කී ඒ මහතා රට බංකොළොත් වෙලා තිබෙන අවස්ථාවකදී ද සාක්කු පිරවීමේ පිපාසය කිසිසේත් සංසිදී නොමැති බව ද සඳහන් කළේය.

විදේශ ණය ප්‍රතිව්‍යුගතකිරීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුගතකිරීම වඩාත් භායනක මෙන්ම මෙරට වැඩකරන ජනතාවට ඒ හරහා විශාල අවධානමකට මුහුණ දීමට සිදුවන බවත් වැඩකරන ජනතාවගේ ඉතිරි කළ මුදල් ඇති අර්ථ සාධක අරමුදල, භාරඅරමුදල යන ඒවාගේ මුදල් තුණෙන් එකක් අඩු වී ඇති බවත් ඒ මහතා කීය.

මෙම තත්වය හමුවේ රාජ්‍ය බැංකු කීපයක් ඇතුළුව බැංකු පද්ධතිය දැඩි අවධානමකට ලක්වන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කොළඹ පිහිටි ‘නිදහස ජනතා සභාව’ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

 



අදහස් (2)

රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා

Lalla Monday, 24 April 2023 10:24 PM

නීතිය පිළිබඳව මහාචාර්ය වුනත් ලදරුවෙකුට අන්ත මෝඩ කථා කියන පීචං පොරක් ගානට හෑල්ලුවට පත්වෙලා...

:       0       0

Laksiri paris Tuesday, 25 April 2023 11:46 AM

ඔබලා ඔක්කොම හොරැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site