IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රට පුරා වැඩ වර්ජනවලින් වෙච්ච පාඩුව

(සුජිත් හේවාජුලිගේ)

රට පුරා පසුගිය වසරේ (2024)  සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46769ක් අහිමිවී ඇතැයි  කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වැඩ වර්ජනවලට සහභාගිවී ඇති  සේවක සංඛ්‍යාව 8134කි.

වතු වංශයේ වැඩ වර්ජන හතරක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවාට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව 1199කි. එම වතු වැඩ වර්ජන වලින් අහිමි වී ඇති මිනිස් දින ගණන 5879කි.

නිෂ්පාදන අංශවලින්   වැඩ වර්ජන අටක් වාර්තා වී ඇති අතර  එම වැඩ වර්ජන වලට සහභාගි වූ සේවක සංඛ්‍යාව 6675කි. ඉන්  අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව තිස් පන්දහස් එකසිය හැත්තෑවකි.

අර්ධ රාජ්‍ය  අංශයේ වැඩ වර්ජන එකක් සිදුවී ඇති අතර ඊට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව දෙසිය හැටකි.

එම වැඩ වර්ජන වලින් අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව 5720කි.

මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.



අදහස් (1)

රට පුරා වැඩ වර්ජනවලින් වෙච්ච පාඩුව

Harimanis Monday, 17 November 2025 05:18 PM

76 වසරක සාපය අපට උරුම කළේ කවුද? නැතිනම් රටක් විදිහට අපි කොතැනද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site