
(අංජුල මහික වීරරත්න)
නාවින්න පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි පරිදි පොදු ක්‍රීඩාංගණ සකස් කිරීම ඉතා වැදගත්වන බවයි.
පැවති රජයන් විශාල වශයෙන් මුදල් වියදම් කර ක්‍රීඩාංගන මුල්ගල තැබීමෙන් පමණක් අවසන් කර ඇති බව අමාත්‍යවරයා කීය.
මෙරට සියලු ප්‍රදේශ ආවරණයවන පරිදි ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය පොදු ක්‍රීඩා පිටි සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කීය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහත්වරුද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා