IMG-LOGO

රටේ පවතින තත්වය දින කීපයක් තුළ විසඳනවා

(යොහාන් භාසුර)

දේශපාලන අර්බුදයට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද ඊට සාර්ථක ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන කටයුතු කිරීමට ඇයුම් කළ බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන පසුබිම නිර්මාණ වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (8) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බවත් පවතින තත්වය දින කීපයක් තුළ විසඳන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද (8) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ. 



අදහස් (22)

රටේ පවතින තත්වය දින කීපයක් තුළ විසඳනවා

pakeer Friday, 08 July 2022 08:45 PM

හෙට තියෙන උද්ඝෝෂණයට බයවෙලා මරු විකල්ලෙන් කියන කතා. එයා ඩොලර් ගෙදර අච්චු ගහනවද? බාප්පලාද ගෙදර ඉඳන් අනිත් අයට ණය දෙන්නේ.. ග්‍රාමසේවක කෙනෙක්වත් නොවේ... කොහේද තව ජනාධිපතිකම් කරන්නේ...?

:       0       0

Kumara Friday, 08 July 2022 08:46 PM

යන්න යන්න තවත් වද නොදී..!

:       0       0

Honda lamaya Friday, 08 July 2022 08:53 PM

දැන් පරක්කුයි ලොක්කා...!!!

:       0       0

මැක්ස් Friday, 08 July 2022 08:59 PM

කියන විදිහට කෙරෙන්නේ නැති එකනේ අවුල ජනාධිපති තුමා.

:       0       0

වර්ණකුලසූරිය Friday, 08 July 2022 09:41 PM

ඉතිහාසයේ බියගුළුම පාලකයා නොවන්නට හෙට "ගෝඨාගෝ " ගමට ඇවිත් මේ ප්‍රකාශය කරන්න ජනපතිවරයාට අපි ගෞරවයෙන් ආරාධනා කරමු. එවිට නිසි ප්‍රතිචාරය ලබන්නට හැකියි.ජනතාව විඳවනවා හොඳටම ඇති. දෙකෙන් එකක් බේරා ගතයුතු මොහොත පැමිණ ඇත. තව එක දිනක්වත් ජනතාව පාලකයන්ගේ රැවටීමට ලක්විය යුතු නැත.

:       0       0

Anura Friday, 08 July 2022 09:41 PM

පෙට්‍රල් ලීටරය 250 ට දෙනවද? ලංකාව 12න් පස්සේ බංකොලොත් නැහැලුද?

:       0       0

Rexi Friday, 08 July 2022 09:47 PM

මම හිතුවේ යුක්රේනයේ ජනාධිපති විතරයි විහිළු ඇක්ටර් කෙනෙක් කියලා, බලාගෙන ගියාම මෙහෙත් එක්කෙනෙක් ඉන්නවා.

:       0       0

chandima Friday, 08 July 2022 10:29 PM

එච්චර බලගතු එංගලන්තයේ අගමැතිත් දමලා ගහලා ගියේ. ඔය බම්බුව දාලා ගියා නම් වැඩේ ඉවරයිනේ. ඕනෑම නම් අන්තිම වතාවට රනිල් වගේ මහබැංකුවට විදලාවත් යන්නකෝ මගෙ දෙයියෝ..!

:       0       0

ලක්සිරි පැරිසියේ Friday, 08 July 2022 11:34 PM

ඔව් අපි ඉන්නවා ....

:       0       0

චමින්ද Saturday, 09 July 2022 12:41 AM

අවුරුදු දෙකක් තුළත් නොහැකිවුණු දෙයක් දින කීපයක් තුළ කරන්නේ කොහොමෙයි. විකාරෙන් කියවනවා.

:       0       0

LGPJ Saturday, 09 July 2022 03:28 AM

ගොඩක් ප්‍රමාදයි...!!! 

:       0       0

Chandima Saturday, 09 July 2022 04:00 AM

සටන් විරාමයක් ඉල්ලන්නේ ගෙනාපු කඳුළු ගෑස් ඉවරවෙලාවත්ද?

:       0       0

nanda Saturday, 09 July 2022 04:46 AM

බොරු බේගල් දොඩන්නේ නැතිව යන්න...!

:       0       0

mp Saturday, 09 July 2022 05:14 AM

සියලු බඩු මිලත් පෙර තිබූ තත්ත්වයට ගේනවාද? කිරිපිටි ලැබෙනවාද? පෝලිම් නැති වෙනවද? තෙල්මිල පෙර තිබූ තත්ත්වයට ගේනවද?

:       0       0

shahan Saturday, 09 July 2022 05:40 AM

ගොබ්බ කතා කියන්න එපා... මෙපමණ කලක් බැරි දේ දින කීපයකින්? දිනවලට අවුරුදු කීයද?

:       0       0

swene Saturday, 09 July 2022 06:42 AM

රට මේ තත්ත්වයට ඇද වැටුණේ කොවිඩ් නිසාම නොවෙයි. අයි සත්‍ය පිළිනොගන්නේ? පොහොර පිළිබඳ තීරණය, බදු අඩු කිරීම වැරදියි කියලා ජනපති තුමාම කලින් කිව්වා...

:       0       0

දාස Saturday, 09 July 2022 06:47 AM

මෙයාට නම් දැන් තදටම විකාර...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 July 2022 08:04 AM

රාජපක්ෂ පවුල් පාලනය බංකොළොත් කළ රටේ ඇතිවී තිබෙන තත්වය දින කිහිපයක් තුළ විසඳනවා කීම කිසිසේත් පිළිගන්නට පුළුවන්ද? අනේ මන්දා, මේවා කොහොම පදනමකින් කරණා ප්‍රකාශද කියලා...? මේ නිවේදන කිංස්ලිලාගේ ආටෝප කතා හා වැඩ. මේවාට මිනිසුන් රැවටෙන කාලේ ගියා...

:       0       0

Sunil Saturday, 09 July 2022 09:22 AM

වසර 2 1/2 ක් වැනි කෙටි කාලයකදී, හොඳින් තිබූ රටක් අන්තිමට විනාශ කරලා දැන් කියන්න එනවා තව දින කීපයකදී පවතින ගැටළු විසඳනවා කියලා. මේ තිබෙන ගැටළු විසඳන්න තව අවුරුදු කීපයක් ගතවේවි...!

:       0       0

Lakvidu Saturday, 09 July 2022 09:57 AM

පහේ ශිෂ්‍යත්වයට අපේ පොඩි එකා ලියපු ‘මා දුටු සිහිනයක්‘ රචනාව වගේ...!

:       0       0

Soma dubayi Saturday, 09 July 2022 10:32 AM

විශිෂ්ට තීරණයක් මැතිතුමනි, ඔබතුමාගේ අභීත දුරදක්නා නායකත්වයෙන් සියලුම ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳෙනවා. රටේ සියලුමදෙනා ඔබතුමා සමග සිටිනවා..!

:       0       0

kamal Saturday, 09 July 2022 12:15 PM

හදිස්සි වෙන්න එපා සර්... ඔයා හිටියා වගේම ඉන්න, අපිම ඕක විසඳගන්නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site