IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රට පුරා ජනපති - ඇමති බංගලාවලින් වැඩ ගන්න නිලධාරී කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංගය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රම වේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශ වල පිහිටා ඇත. 

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යයවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම සිදු කර තිබේ. එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශ වල ජනාධිපති මන්දිර පිහිටා ඇත. 

එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත. ඊට අමතරව, රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන බලධාරීත්වය යටතේ පවතී. එසේම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

 එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපළ ඌන උපයෝජන තත්ත්වයක පවතී. එබැවින්, එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

රට පුරා ජනපති - ඇමති බංගලාවලින් වැඩ ගන්න නිලධාරී කමිටුවක්

රුවන් Tuesday, 10 December 2024 11:35 AM

සංචාරයක ආකර්ෂණය තියෙන තැන් වල ඒවා නම් හෝටල් කරත් පාඩු නෑ, රටට ඩොලර් එනවා නේ.

:       2       44

නිලන්ති Tuesday, 10 December 2024 06:43 PM

එතකොට නුවරඑළියේ තැපැල් කාර්‍යාල ගොඩනැගිල්ල සංචාරක කටයුතු සඳහා දීමට විරුද්ධව රුවන් උද්ඝෝෂණයක් කළා කියන්නේ ඇත්තද?

:       2       5

නිලන්ත Tuesday, 10 December 2024 11:35 PM

පසුගිය රජයෙන් නුවරඑළියේ තැපැල් කාර්යාලය විකිණීමයි, දැන් රජයෙන් ජනපති-ඇමති බංගලා බදු දීමයි කියන්නේ දෙකක්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site