(හේමලතා ඩී හේවගේ)
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ නීතිය හා සාමය,ත්‍රිවිධ හමුදාව මෙහෙයවීමට සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන්න කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා පැවසීය.
සජිත් පේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පන්නල මහජන ක්‍රීඩාංගනයේ පැවැති ජන හමුවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය,
ඒ වගේම මේ රටේ තියෙන කුඩු ව්‍යසනයත් මුළුමනින්ම නැති කරලා දානවා.මේ රටේ ජාතික ආරක්ෂාව ගොඩනගන්න අපි පියවර අරන් තියෙන්නේ.පොලිසිය ත්‍රිවිධ හමුදාව නවීකරණය කරලා ඔවුන් ශක්තිමත් කරන්න කටයුතු කරනවා.
බුද්ධි අංශ වලට දේශපාලන මැදිහත් වීමකින් තොරව කටයුතු කරන්න අවස්ථාව ඇති කරනවා.නූතන ත්‍රස්තවාදය මර්දනය කරන්න අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපිට විදේශ රටවල් සමඟ විනිවිද භාවයෙන් යුතු සම්බන්ධතා ඇති කරගන්න කටයුතු කරනවා.
2020 මේ රටේ දහම් පාසල් අඩුපාඩු නැති කරලා බුද්ධශාසනය වෙනුවෙන් කටයුතු කරනවා.ඉදිරි වසර 4 දි මේ රටේ විහාර 1125 ක චෙත්‍යය රාජයාණන් වහන්සේලා 1125 ත් ඇති කරන්න කටයුතු කරනවා.
ධර්මශාලා ගොඩනැගිලි,ධාතු මන්දිර සහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඓතිහාසික මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා.ඒ අපි ප්‍රායෝගික බෞද්ධයෝ නිසා .බොරු දේශප්‍රේමි බවක් පෙන්වලා මන්දිර දේශපාලනයක් සමහරු ගෙනියන්නේ.
අපි මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා.අපි පෞද්ගලික නිවෙස්වල ඉදන් මේ රටේ සංවර්ධනයට උරදෙන්නේ.අපේ රටේ සංවර්ධනය උදෙසා අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා.
තමන්ගේ ගම රට දියුණු කිරීමයි සැමගේම බලාපොරොත්තුව.නව තාක්ෂණ විද්‍යාගාර අපි ආරම්භ කරනවා.තරුණ තරුණියන්ට ගමේ ඉඳන් රැකියා වලට ලබාදීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.
අපනයන ආර්ථිකයක් අපි ආරම්භ කරනවා.ශක්තිමත් දේශයක් පොඩි මනුස්සයට සහන ලැබෙන ආර්ථිකයක් අපි ඇති කරනවා.මගේ තාත්තා පාසල් දරුවන්ට දුන්න දිවා ආහාරය මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම අහෝසි කරා.
පාසල් යන දු දරුවන් හතලිස් හතර ලක්ෂයකට නිල ඇඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි අපි ලබාදෙනවා.අපගේ මේ ව්‍යායාමය පොදු ජනතාව රජ කිරීම වෙනුවෙන් මිස තනතුරු තානාන්තර දැරීමේ අරමුණින් නොවන බව මම මතක් කරනවා.
කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ වර්තමානයේ ජනතාවගේ තියෙන ප්‍රධානම ප්‍රාර්ථනාව යකාබැඳි ඇල්ල වාරියෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.සියලුදෙනාටම කියන්න කැමතියි ජනාධිපතිවරයෙන් ශක්තිය ලැබෙන කර යකාබැඳි ඇල්ල වාරි යෝජනා ක්‍රමය මුල්ගල් තියලා විවෘත කරලා පොදු ජනතාවගේ ඒ බලපෙරොත්තු අපි තහවුරු කරනවා.
ඒ තුළින් මේ ප්‍රදේශයේ පානිය ජල ප්‍රශ්නයට ස්ථිර විසදුමක් කරනවා.මාකඳුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් කරනවා.මේ සඳහා ඩොර් මිලියන 200 ක් ඇස්තමේන්තු ගත කරනවා.කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ මේ තාක් සිදුනොවුන සංවර්ධනයක් ඇති කරනවා කියලා වගකිමෙන් කියනවා‘‘ යැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රටේ නීතිය - සාමය මෙහෙයවන්න සරත් ෆොන්සේකාට බාරදෙනවා‘‘