IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රට ඩිජිටල් කරන්න තව සතියකින් මුල් පියවර තබයි

(අංජුල මහික වීරරත්න)

ඩිජිටල්  ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට  තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන  ක්‍රියාත්මකය. 

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරයි.

මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල්  ආර්ථික ප්‍රතිපත්ති හරහා  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය. 

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන්  4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට  ලබා දෙන අතර එය 2030 වන විට 15 %  ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවෙි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති  "DIGIECON 2030" වැඩසටහන  පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික  සැලැස්ම මගින් හැකි වන බවත්, ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක්  ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා  සඳහන් කළේය.



අදහස් (7)

රට ඩිජිටල් කරන්න තව සතියකින් මුල් පියවර තබයි

chandima Friday, 06 October 2023 06:21 PM

ඔහොම පියවරවල් කීයක් නම් තිබ්බද? මෙදාපාර පොල්ගස් කීයක් කපන්නද හිතාගෙන ඉන්නේ?

:       4       9

Nimal Friday, 06 October 2023 06:52 PM

පාස්පෝට් ඔන්ලයින් දුන්නා වගේ වෙයිද? ඔය දැනට තියෙන 4% වත් තියාගන්න බලමු. ඒ ඇති...

:       4       5

සල්ලි Friday, 06 October 2023 06:53 PM

පළමු පියවර කොයිතරම් තබලා ඇතිද? පළමු පියවර උත්සවයට එහෙම හොඳට වියදම් කරන්න පුළුවන්...

:       2       6

Deepal Niroshj Friday, 06 October 2023 07:17 PM

ඊළඟ ‍ සොච්චම් ණය වාරිකය ලැබෙනතුරු එහෙන් ඇඟිලි ගණිනවා. එන්න එන්න ණයබර වැඩිවෙනවා. ඒ වුණාට ඩිජිටල් ආර්ථිකයකට යන්න තමයි මෙහෙන් කතාව. ඔය මොන ආර්ථිකය වුණත් රඳා පවතින්නේ ආනයන මත, ඊට ඉස්සෙල්ලා රටට විදේශ විනිමය ගලාඑන අනවරත ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. නැතිනම් බොරු අත්තිවාරම්ක් සහිත උස ගොඩනැඟිල්ලක් වගේ තමයි. පිටරට ගිහින් දහඩිය වගුරන අහිංසක රට විරුවන් එවන ප්‍රේෂණ ටිකත් නිකරුණේ දියවෙලා යන එකයි වෙන්නේ...

:       2       7

chandima Saturday, 07 October 2023 02:25 AM

ඔයා කිව්වට පස්සේ කොමිටියක් දාලා වැඩේ කප්පාදු කරයි.

:       0       2

de silva berlin Saturday, 07 October 2023 01:19 PM

ලෝකයේ තිබෙන නවීනම රියදුරු බලපත්, හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්රණ වැනි දේවල් අපේ රටේ තිබෙනවා. නවීන පන්නයේ කාර්යාල, ගොඩනැගිලි, පරිගණක පද්ධති බත්තරමුල්ලට ගියාම බලාගන්න පුළුවන්. අවශ්යප ප්රාමාණය මෙන් තුන් ගුණයක රාජ්යේ සේවකයෝ අපේ රටේ ඉන්නවා. නමුත් ප්ර ශ්නයකට තිබෙන්නේ මෙම සේවකයන්ගෙන් සියයට 90ක් අල්ලසට බර දූෂිත පුද්ගලයින්. ඔවුන් බලන්නේ මේවා සංකීර්ණ කරමින්, හැමවැඩක්ම පරක්කු කරමින් අල්ලස් ගන්න. එමනිසා අල්ලසක් නොදී රියදුරු බලපත්රතයක්, විදේශ ගමන් බලපත්රසයක් ගන්න එක කාලය ගතවෙන විශාල අමාරු කාර්යයක්... මොන ඩිජිටල්කරණය ගෙනාවත් වැඩක් නැහැ..., ඒවාට දත්ත ඇතුල් කරන්නේ හොරුනම්, එමනිසා මේවා සංකීර්ණ කරන්න මුදල් වියදම් කරන්න එපා. වහාම එම මුදල් සහ සම්පත් යොදවා රජයේ කාර්යාලවල තිබෙන අල්ලස, දූෂණය නවත්වන්න කටයුතු කරන්න. මේවා විගණනය කළයුතු ප්ර්ශ්න. විසඳන්න උපදෙස් දෙන ජාත්යරන්තර විගණන සමාගම් තිබෙනවා. රජයේ මෙවැනි සමාගම්වලින් උපදෙස් අරන් ක්රි.යාත්මක කරන්න.

:       0       3

amila Saturday, 07 October 2023 07:51 PM

වැලිගම්පිටි යන්න ඉස්සර දෙවැනි පියවර තියයිද? දැනටමත් ඔන්න මෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site