(නිමල කොඩිතුවක්කු)
සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වල මැදිහත්වීමෙන් රටේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කළත් රට සහ ජනතාව බලාපොරොත්තුවූ නායකත්වය එතුමන්ගෙන් නොලැබුණ බව පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.
දේශපාලනය සහ පක්ෂ ගැන නොසිතා රට පිළිබ`දව සිතා එතුමන් කටයුතු කළේ නම් අද එතුමන්ට කිසිවකුටත් දොස් කීමට හෝ ඇඟිල්ල දික් කිරීමට සිදු නොවනු ඇති බවද බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.
‘‘මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2015 වසරේදි ජනාධිපතිවරයා ලෙසට අපි පත්කළේ රටටත් ජනතාවටත් නායකයකු අවශ්‍ය නිසයි. එදා රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච වැරදි නැවැරදි කරන්න අපිට අවශ්‍ය වුනා. ඒ නිසයි අපි පක්ෂයක් විදියට එතුමන්ට සහයෝගය පළ කළා.
රටත් ජනතාවත් ඉදිරියට ගෙනියනවා වෙනුවට එතුමා සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය ඉදිරියට ගෙනයාමයි. ඒ අඩුපාඩුව අද රටටම දැනිලා තියෙනවා.
අපේ රජය යටතේ අද ආර්ථිකය ස්ථාවර වෙමින් යනවා. රුපියල සථාවර වෙලා තියෙනවා. රුපියලේ අගය අඩුවෙද්දි ඇතැම් මාධ්‍ය බ්රේකින් නිව්ස් ගැහුවා. අද රුපියල ශක්තිමත් වෙද්දි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අඩු ගානේ බන්ධුල ගුණවර්ධන මහතාවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.
පාතාලය ගැන මධුෂ් ගැන මාතෘකාව දැන් ජනප‍්‍රිය වෙලා. පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශ මේ ගැන ක‍්‍රියා කිරිම පිලිබඳ ඒ සියලූදෙනාටම අපේ ගෞරවය සහ ස්තූතිය ආණ්ඩුව විදියට පුදකර සිටිනවා.
මේ වැටලිම් අද ඊයේ පටන් ගත්ත ඒවා නෙමෙයි. අද සමහරු මේවට ලකුණු දාගන්න හදනවා. සෙල්ලම් ගෙවල්වල ඉන්න පොඩි දරුවො වගේ මමයි කරේ මමයි කරේ කියන එක නෙමෙයි කරන්න ඕන. ඉදිරියටත් ඒ සඳහා සියලූ දෙනා සහය දක්වන්න ඕන.
අද රටේ නරක දෙයක් වෙනකොට ඒක එක්සත් ජාතික පක්ෂයටත් හොද දෙයක් වෙනතෙකාට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බැරකරගන්නවා. මේ දේ වෙන්න දෙන්න බැහැ’’ යැයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘රට-ජනතාව බලාපොරොත්තු වු නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ‘