IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා

(අතුල. පි. බණ්ඩාරනායක)

කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාරම්මල ප්‍රදේශයේ පාළු නිවසක සඟවාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පවසයි.

පැහැර ගත් මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු කුවේට් රටේ සේවය කළ ස්ථානයේ අයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ චේතනාවෙන් පැහැර ගැනීම සිදුකර ඇති බවත් බරන්දන හන්දියේදී කැබ් රථයකින් පැමිණි සිව්දෙනකු පැහැරගැනීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී ඇතැයි මාවතගම පොලිසිය කියයි.

සැකකරුවන් මොහු පැහැරගෙන නාරම්මල පොලිස් වසමේ ඉහළ රම්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක සඟවා ගෙන සිටිය බවත් කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු බේරාගෙන සැකකරුවන් සිව් දෙනකු සමග කැප් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පරීක්ෂණ පවත්වන මාවතගම පොලිසිය පවසයි.

 



අදහස් (1)

රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා

රංජිත් Thursday, 18 July 2024 05:29 PM

කාළකණ්නි. ඔවුන් හිතන්න ඇති අර හිටපු මහ එකාගේ පුතාලා වගේ මේ අයටත් බේරෙන්න පුළුවන් කියලා.. බලන්නකෝ අපේ STF එකේ කාර්‍යක්ශමතාව.. හැබැයි මහ එකාගේ පුතා මෙහෙම උස්සලා මැරුවාම CCTV, තියා මොකක්වත් වැඩ කරන්නේ නෑ..

:       11       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site