
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 2024 වර්ෂයේදී බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම වසරේ විදේශ ගතවූ ප්‍රමාණය 312836 කි.
මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 ඇතුලත (2019-2024) ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ.
2024 වර්ෂයේ පිරිමි ශ්‍රමිකයින් 185,162ක් හා කාන්තාවන් 127,674 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 77,546 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි.එම ප්‍රමාණය 51,550 කි.
පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව 2024 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,098 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,665 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,665 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාවේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මාසය අවසන් වන විට ඇමරිකා ඩොලර් මිලියන 6462 ක් මෙරටට ලැබී තිබේ.
මේ අතර, 2023 වර්ෂයේ රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ ශ්‍රි ලාංකිකයින් 297,584 ක් වන අතර, ඊට කාන්තා ශ්‍රමිකයින් 132,904 ක් හා පිරිමි ශ්‍රමිකයින් 164,680 දෙනෙකු අයත් වේ.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’රට ගිය ඇත්තෝ’’ ගැන වගතුග එළියට
Kumar Wednesday, 01 January 2025 01:40 AM
රුසියාවේ මැරෙන්න ගිය මෝඩයෝත් වැටෙන්නේ ඒ ගණයටද?