IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රට ගොඩනැගීමට ඕනෑකමින් කැපවිය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විධායක ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැගීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බවත් ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම වුවත්, අදවනවිට රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය. රට ගොඩනැගීම කෙසේ වෙතත් තරුණ පරපුර අබිරහස් අන්දමින් පැහැරගැනීමට ලක් වෙමින් සිටින බවද ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්,එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටෙන් නැති තත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

 



අදහස් (2)

රට ගොඩනැගීමට ඕනෑකමින් කැපවිය යුතුයි

මහසෙන් Tuesday, 09 August 2022 01:26 PM

දවසට එක ගානේ මේ විදියට කතා කිය කිය ඉන්න.ඔයා වැඩ බැරි ටාසන් කෙනක් වගේම වගකීමක් ගන්න බැරි කෙනෙක් බව ඔප්පු කර හමාරයි.ඔයාට කවදාවත් අගමැති වත් ජනාධිපති වත් වෙන කෙනෙක් නෙවේ.ඒ නිසා පියාණෝ ගගහම ඉන්න.

:       0       3

sam Tuesday, 09 August 2022 01:30 PM

ඔය කියන දේවල් කරන්න අවස්තාව ලබා දුන්නාම බයේ පැනලා ගිහිං දැන් පඬි ටෝක් දෙනවා. කටේ නරිවාදං මිසක් කොන්දක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 426 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site