IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රටේ කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා

 

(සුජිත් හේවාජුලිගේ)

රටේ කොවිඩ්  පැතිරීම සියයට 10 කින් පමණ වැඩිවී ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදිමින් ප්‍රවේශම් විය යුතු  බව  කොවිඩ්  සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.

කොවිඩ්  මරණ  4ත් 5ත් අතර සංඛ්‍යාවක් දෛනිකව වාර්තාවන බවද හෙතෙම සඳහන් කළේය.

කුමන පැතිරීමක් ඇතිවුවත් රට හෝ වෙනයම්   ස්ථානයක් හෝ කිසිසේත්ම නොවසන බව  පැවසූ කොවිඩ්  සම්බන්ධීකාරකවරයා  කොවිඩ්  සඳහා රටේ ප්‍රශස්ත ප්‍රතිශක්තියක් පවතින හෙයින් කොවිඩ්  රෝගීන් නිවෙස්වලම බොහෝ දුරට කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද ප්‍රකාශ කළේය.

කොවිඩ්  පැතිරීම වළක්වා ගැනීම සඳහා කොවිඩ්  සෞඛ්‍ය මාර්ගෝපදේශ  නිසියාකාරව පිළිපදින්නැයි  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අන්වර් හම්දානි මහතා  පැවසුවේය.

නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන නැති පුද්ගලයන්  වහාම එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත්   ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

රටේ පවතින කොවිඩ්  පැතිරීම අඩුවෙන් තක්සේරු නොකළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

රටේ කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site