IMG-LOGO

රටබීම බෝතල් 673ක් ගුවන්තොටේ දාලා ගිහින්

(ටී.කේ.ජී.කපිල )

 රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම බෝතල 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී අද(13)  අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රටබීම සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයක පැමිණි කුමන ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන්නට ඇත්දැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

මෙහිදී මෙම රටබීම සහ කරදමුංගු තොගය දමා ගොස් තිබූ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , සාප්පු වල සේවකයින්ගෙන් ප්‍රශ්න කරමින්  සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් මේවායේ හිමිකරුවන් අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් ප්‍රයත්න දරමින් සිටිති .



අදහස් (2)

රටබීම බෝතල් 673ක් ගුවන්තොටේ දාලා ගිහින්

KAHANDA GAMAGE Friday, 13 June 2025 03:33 PM

එකක් රුපියල් 81723.62... බ්‍රෑන්ඩ් එක සහ වර්ගය මොකක්ද?

:       1       5

donFriday, 13 June 2025 08:29 PM

ඔය පිට රටක නම් රුපියල් 5ක් වෙන්නේ නැති අරක්කු බෝතල්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site