IMG-LOGO

‘ රටපුරා පරිසර උද්‍යාන ඉදිකරයි‘

(සුජිත් හේවාජුලිගේ )

පුරන් කුඹුරු යළි අස්වද්දමින්  පරිසර උද්‍යාන රටපුරා  පිහිටුවීමේ  නව  වැඩපිළිවෙළක් අගමැති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ ඇත.

මෙහි පළමු අදියර යටතේ  ගාල්ල  හෝලුවාගොඩ පුරන් කුඹුරු යාය කෘෂි පාරිසරික උද්‍යානයක් බවට පත් කිරීමේ  කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානය  ඉදිකරයි.

හෙක්ටෙයාර් 200 කට ආසන්න මෙම පුරන් කුඹුරු යායෙන් අක්කර 19 ක් පාරිසරික  උද්‍යානය සකස් කිරීම සඳහා වෙන් කෙරේ.

එහි  වගා කටයුතුද දැනටමත්  අරඹා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම උද්‍යානයට ඇවිදීමේ මංතීරුවක්, වාහන නැවතුම් අංගනයක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන, හෙළ බොජුන් හලක්, කෘෂි අලෙවි මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක් සහ  කඩ කාමර රැසක් ඇතුළත් වෙයි.

හෝලුවාගොඩ  පරිසර උද්‍යානය සකස් කිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි තිස් හතරකි.

විධිමත් ඇළ මාර්ග පද්ධතියක් ඉදි කිරීම හරහා ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ,ජනතාවගේ ශරීර සුවතා වර්ධනය කිරීම සහ විනෝදාස්වාදය ලබාදීම  මෙම පරිසර උද්‍යාන  පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බව  අමාත්‍යාංශ නිලධාරීහු පවසති.



අදහස් (3)

‘ රටපුරා පරිසර උද්‍යාන ඉදිකරයි‘

සුරංග Monday, 14 March 2022 04:41 PM

සශ්‍රීක කුඹුරු, ජොගින් පාක් හදද්දී, කැලෑ එළිපෙහෙළි කරද්දී අනාගතයේ කැලයක් දකින්නට නැතිවේවි යැයි සිතාද පරිසර ඇමතිවරයා දැන් රැවුල වවලා ඉන්නවා දැක්කා..

:       0       5

Lalith M Monday, 14 March 2022 05:23 PM

පොහොර වෙනුවට අසූචි දාල වවන්නද? අපිට වගාව අතහරින්න වුණා කාබනික මේනියාවට යටවීම නිසා. රසායනික හෝ කාබනික මොකුත් සාධාරණ දැරිය හැකි මිලකට නෑ. ඉඩම් පුරන්වෙන්නේ ඒ නිසායි.

:       0       13

fairoos Monday, 14 March 2022 07:27 PM

කෘෂිකර්මාන්තය නගාසිටුවන වැඩද මේවා...? අනේ අනේ.., මේ අය තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site