IMG-LOGO

ර⁣ටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙට

 

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී හෙට(25)පස්වරු 3ට පැවැත්වේ.

"ර⁣ට ගොඩනැගීමේ දැක්ම" යන තේමාවෙන් සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයන් සහභාගී වීමට නියමිතය.

ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා වන මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කෙරෙන අතර පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

 



අදහස් (2)

ර⁣ටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙට

Bunny Preena Friday, 25 March 2022 10:15 AM

මෙයාලත් අවුරුදු කිහිපයක් රට පාලනය කළා. ජාතික ප්‍රතිපත්තියක් ගැන ඒ කාලෙත් කිහිප දෙනෙක් කතා කළා. ඒවා කතාවලට පමණක් සීමා වූ දේවල් වුණා. ඒ කාලේ ඉඳන්ම ජාතික ප්‍රතිපත්තියක් හැටියට තිබුණේ සහ දැනටත් තියෙන්නේ පුළුවන් තරම් බොරු කීමයි, වංචාවයි, හොරකමයි, දූෂණයයි විතරයි.

:       2       1

සලීම් Friday, 25 March 2022 11:46 AM

පසුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බොරුවට බුරනවා. මේ UNPය මලගම යවපු හොර නඩය රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වග බලාගන්න ඕනෑ කාලය දැන් ඇවිල්ලා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site