(නිමල කොඩිතුවක්කු)
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලූත් රටක් බිහි කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව සාධාරණ සමාජයක් සඳහා වන වන ජාතික ව්‍යාපාරයේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මිලියන 22 ක ජනතාවගෙන් එක් පුද්ගලයකුට බලය පැවරුණු 20 වැනි සංශෝධනය හා අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කර 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කරන ලද සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගේ හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
"මහජන නියෝජිතයින්ට, සිවිල් සමාජයට මෙතෙක් කළ නොහැකි වූ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට, දූෂණයට, මර්දනයට, මිනිස් අයිතිවාසිකම් රැක ගැනීමට, යුක්තිය සාධාරණය රජයන සමාජයක් ඇති කරලීමට තරුණ පරපුර නායකත්වය ලබා දුන්නා. අපි රජයට කියන්නේ මෙම තරුණ ජනතා පිබිදීම සුළුවෙන් තකන්න එපා. වැඩිහිටියන් වශයෙන් අපි මේ තරුණ ජවය දිරිමත් කළ යුතුයි.
සිවිල් සමාජය නියෝජනය කරමින් පැමිණ සිටින ඔබ අපට ද රට ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් තිබෙනවා.
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලූත් රටක් බිහි කිරීමට මේ සුදුසුම අවස්ථාවයි. 20 වැනි සංශෝධනය හා අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කළ යුතුයි. 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතුයි. සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලනයෙන් තොර පත්වීම් ලබාදිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ නියෝජිතයින් ද ඇතුළත් විය යුතුයි. මෙම ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අපි එක්ව රජයට බලකරමු.
මෙහිදී අපි පාර්ලිමේන්තුවට යෝජනා කරන්නේ පොදු එකඟත්වයෙන් මෙම සංශෝධන ගෙන එන ලෙසයි.එය ජනතා අරගලයට ගෞරවයක් වශයෙන් අපි දකිනවා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක්