(ඉන්දිකා රාමනායක)
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා අද පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.
රතිදු සේනානායක නොහොත් රැට්ටා නමැත්තා ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණි.
ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඉකුත් මැයි මස 21 දින බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැට්ටා අත්අඩංගුවට
මහසෙන් Monday, 01 August 2022 08:12 PM
අරගලයේ අයිතිය බෙදාගන්න පොරකෑවා නේ ද පහුගිය දවස්වල.කෝ දැන් එන්න පෙරට ඒ අය.මේ රැට්ටා වෙනුවෙන්. දැන් ඒ එක පැට්ටෙක් නෑ මේ රැට්ටලා වෙනුවෙන්.වෙන්න අගමැති නම් හෙට උදේම බරසාර නිවේදනයක් නිකුත්කරයි.
සංහිද Monday, 01 August 2022 08:29 PM
සීනි බදු වංචාවට නේද
BamunuarachchiTuesday, 02 August 2022 11:21 AM
නැහැ රට ගිනිතියලා මන්කොල්ලකෑවාට. දේසපාලනය ගැන කතාකරන්න එච්චරද දන්නේ? මොන ඉස්කෝලෙටද ගියේ? ජෙප්පෝ මස් කට්ටක් විසිකරාම ඕක සුප්පුකර කර ඉන්නවා.
fairoos Monday, 01 August 2022 08:31 PM
බොරු චෝදනා ගොනුකර අරගලකරුවන් අත් අඩංගුවට අරගෙන රනිල් වැඩ පෙන්නනවා..
chandima Monday, 01 August 2022 10:21 PM
රනිල්ට කැමැති නැති එක වෙනම දෙයක්... ඒත් ඔය රට්ටලා බට්ටලා එක්කලා රටක් ගෙනියන්න බැහැ. හංගපු ආයුධ පෙන්නන්න වත් එක්කලා යන්නේ නැතිද?
Toni Tuesday, 02 August 2022 12:11 AM
හැමෝම හොයන්නේ සල්ලි විතරයි..
Hira Tuesday, 02 August 2022 08:29 AM
රැට්ටව ජනපති කරමු........ දමිතව අගමති කරමු............. අපේ රටට ජය වේවා.
senaTuesday, 02 August 2022 12:59 PM
හරියටම හරි... මේ ඉන්න උදවියට වැඩිය එයාලා කොහොමත් හොඳයි...!
රොනි Tuesday, 02 August 2022 10:35 AM
ප්‍රිතිමත් පුවතක්...!