IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


’’රජ වාස’’ වෙළඳ සංකීර්ණ ජනපති අතින් විවෘත කරයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ල එකම වහලක් යටතේ ස්ථාපිත කෙරෙන දැවැන්ත අලෙවි ප්‍රවර්ධන වෙළඳ සංකීර්ණය "රජ වාස" විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුකෙරිණි. 

නැති දෙයක් නැති තැන - සැමදෙයක්ම ඇති තැන යන තේමාව යටතේ කොළඹ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ  මෙය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ශ්‍රී ලංකා කජු සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය ඔසු සල, රාජ්‍ය දැව සංස්ථාව , රාජ්‍ය වාණිජ  නීතිගත සංස්ථාව ,පොල් සංවර්ධන මණ්ඩලය ,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන විශාල ප්‍රමාණයක අලෙවිසැල් වලින් මෙය සමන්විතය.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 



අදහස් (18)

’’රජ වාස’’ වෙළඳ සංකීර්ණ ජනපති අතින් විවෘත කරයි

එලොව පොල් Thursday, 11 February 2021 11:57 AM

ඔතන පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් එහෙම දැන් කීයද? ළඟදී පොල් එහෙම කෑවද? දැන් සැපද?

:       22       96

දිමුත්Thursday, 11 February 2021 12:11 PM

පටියෙන් මැනලා දෙනවා ඇති...

:       17       76

බද්රානි Thursday, 11 February 2021 08:12 PM

විවෘත කිරීමට සහභාගී වූ ජනාධිපතිතුමාට, දණ ගහලා හතර ගාතෙන් වැටිලා වඳින, බඩ ගෝස්තරයෙක් ඉන්නවද කියලයි මම මේ බැලුවේ? ආ.. දැනුයි මට තේරුනේ මේක අපේ සල්ලි වලින්මනේ ආරම්භ කරලා තියෙන්නේ...

:       0       3

banda Thursday, 11 February 2021 09:52 PM

ඉස්කාගාර සංස්ථාව කුටියක් දාලා තියෙනවද? අපිට විශ්වාසයෙන් බඩු ගන්න පුළුවන්...

:       2       17

krishantha nawarathna Thursday, 11 February 2021 11:19 PM

රජ වාස නිසා රජතුමාම ඇවිත් සිල්ලර වෙළෙඳසල විවෘත කරන්න. එහෙම කරන එකම දූපතයි.. ලෝකෙටම එකයි. බලාගන්න මෙන්න.. පුදුම රටක්... වෙන රාජකාරි නැද්ද බොලව්..? මිනිස්සුන්ට සල්ලි තියෙනවද?

:       3       10

ruwan Friday, 12 February 2021 05:04 AM

ඉතාමත්ම හොඳ ක්‍රියාවක්... පක්ෂ බේදයෙන් තොරව අගය කරමු.

:       16       6

duminda Friday, 12 February 2021 06:14 AM

දැන් දැක්කත් හිනා යනවා..

:       3       8

wicky Friday, 12 February 2021 06:18 AM

නැති දෙයක් නැති තැන.. හැමදේම ඇති තැන... මුදල් පමණක් අතේ නැත.

:       2       16

සෑම් Friday, 12 February 2021 06:58 AM

ඔතන හොරකමත් තියෙනවද දන්නේ නැහැ. හැම දෙයක්ම තියනවා කියපු නිසයි අහන්නේ...

:       2       8

kamal Friday, 12 February 2021 07:00 AM

මොනවද අහන්නේ? සර්ගේ වැඩක්නේ. කිරිගහට බෝම්බයක් ගැහුවා වගේ තියෙයි.

:       3       4

Rata Perata Friday, 12 February 2021 07:26 AM

දැන් ඉතින් ඕකත් විනාශ වෙලාම යයි...!!! 

:       2       7

Ruhunu Friday, 12 February 2021 08:45 AM

ජනාධිපතිතුමනි, අන්න සීගිරියේ ඉඩම් හොරු අල්ලනවලු... ඒ ගැනත් ටිකක් හොයා බලන්න.

:       2       14

chandima Friday, 12 February 2021 11:23 AM

අර හැමදාම විදේශ තානාපතිවරු එහෙම හම්බවෙද්දී අඳින කමිසේ හෝදලා නැතිවා වගේ...!!! 

:       3       8

ලියන්නාFriday, 12 February 2021 03:52 PM

මේවා ගැන හොයන්න රහස් පොලිසිය එවයිද කියන්නත් බැහැ. සෞභාග්‍යයට කිට්ටුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන එකේ කරන කියන දෙයක් ප්‍රවේශමෙන්...

:       3       7

මීමුරේ ඇත්තෝ Friday, 12 February 2021 11:41 AM

13 වෙනි සෙනසුරාදා මීමුරේදී " ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී අහන්න සුදානම් කළාය කියන ප්‍රශ්න සහ උත්තර කවුදෝ කෙනෙක් ඔන්න අන්තර්ජාලයට ලීක් කරලාලු. "මේ වැඩසටහනේ පෙරහුරුව සඳහා මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් 500කට ආසන්න ප්‍රමාණයක් එහි කඳවුරු බැඳගෙන ඉන්නා බවත් සාකච්ඡාවේදී මීමුරේ සිට ලකේගල පාමුලින් පල්ලේගම තෙක් ඉදිකළ යුතු පාරක් සහ මීමුරේට ආසන්න ගමක් වන දන්දෙණිකුඹුරේ සිට ගල මුදුන ඔස්සේ උඩත්තාව තෙක් ඉදිකළ යුතු මාර්ගයක් පිළිබඳව ප්‍රශ්න සහ උත්තර දීමට නියමිත බවත් කියා තියෙනවා. 'වන සංරක්ෂණෙන් අපිට එනසාල් වවන්න ඉඩ දෙන්නේ නෑ සර්‘ කියලත් ප්‍රශ්නයක් අහන්නලු ඉන්නේ. "

:       3       12

chathura Saturday, 13 February 2021 12:57 AM

ආණ්ඩුම මාරු කරද්දී නම් පොඩි සැකයක් හිතෙනවා, වැඩේ අල්ලලා දාලා ආයෙත් ඇමෙරිකාවේ යන්න හදනවාද කියලා...? එක අතකට මොකටද මේ පව් ගෙවන්නේ? මේ අයට මොනවා කළත් වැඩක් ඇති ජාතියක් නොවෙයි. දවස් දෙකෙන් අමතක වෙනවා. 07 අවුරුද්දක් කාපු දේවල් අමතක වෙනවා.

:       1       6

athula Saturday, 13 February 2021 08:58 AM

මේ සේරටම තියෙන උණක් තමයි රජ පිස්සුව.. රටේ මිනිස්සු හාමතේ...

:       0       7

lakvidu Sunday, 14 February 2021 11:04 PM

ලොකු දෙයක්.. දැන් කටහගස්දිගිලියේ කිරිහාමි උන්දෑටත් එයාගේ පුද්ගලික ජෙට් එකට නැගලා මෙතනට ඇවිත් පහසුවෙන් අභ්‍යාස පොතක්, පැනඩෝල් පෙත්තක්, එහෙම අරගෙන යන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 712 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17907 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site