IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘රාජාසන කතාව පක්ෂ පහක් වර්ජනය කරයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ පහක මන්ත්‍රීවරු අද (8) වර්ජනය කළහ.

විමල්-උදය ප්‍රමුඛ උත්තර සභාගය, ඩලස් ප්‍රමුඛ නිදහස ජනතා පෙරමුණ  සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම උත්සවය වර්ජනය කළ සෙසු දේශපාලන පක්ෂ වේ.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය  යන පක්ෂවල මන්ත්‍රීවරු උත්සවයට පැමිණ  නොසිටියහ.

එහෙත් විමල්-උදය ප්‍රමුඛ උත්තර සභාගය, ඩලස් ප්‍රමුඛ නිදහස ජනතා පෙරමුණ  පක්ෂවල මන්ත්‍රීවරු සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්  සභාගර්භයේ සිටියත් ජනාධිපතිවරයා සභා ගර්භයට පැමිණෙන අවස්ථාවේදී   "රාජාසන වියරුව" යනුවෙන් සටන් පාඨ කියමින් ජනපතිගේ රාජාසන කතාවට විරෝධය පා  සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

මේ අවස්ථාවේදී  සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවිය.

සෙසු අය සභාවෙන් පිටව ගියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක සහ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පමණක්  සභාගර්භයේ රැඳී සිටියහ.

සමගි ජන බලවේගය පක්ෂය සභාව වර්ජනය කළ ද එම පක්ෂය සමග සන්ධාන ගතව සිටින පක්ෂවල මන්ත්‍රීවරුන් වන  මනෝ ගනේෂන් ,වී රාධක්‍රිෂ්ණන්, එස්  උදය  කුමාර් යන මහත්වරුන්   සභා ගැබේ රැඳී සිටිනු දැකගත හැකිවිය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද  පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ 10.05 ට පමණය. ඔහු පැයකට ආසන්න කාලයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.ප්‍රතිපත්ති ප්‍රකාශ ඉඳිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හෙට (9) පෙරවරු 10.00 දක්වා
කල් තබනු ලැබීය.



 

 



අදහස් (5)

‘රාජාසන කතාව පක්ෂ පහක් වර්ජනය කරයි‘

sharm warn Wednesday, 08 February 2023 02:07 PM

අපිත් වර්ජනය කලා.. අද කියපු අදෝනාව වගෙම හතර වෙනිදා නටපු ජොගියත්. . .

:       5       19

nalin Wednesday, 08 February 2023 03:04 PM

අපිත් උගෙ කිසිම කතාවක් අහන්නෙ නෑ. ඕක අපේ ජනාදිපති නෙමෙයි එයාට චන්දෙ දීපු 134 ජනාදිපති

:       2       11

Hafeel Wednesday, 08 February 2023 03:14 PM

ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරපු සහ ජනවරමක් හෝ නැතුව මොන රාජාසන කතාවද?

:       4       19

fairoos Wednesday, 08 February 2023 04:53 PM

කෝ බමුණා ආවේ නැද්ද ඇම්ඩාගේ කතාව අහන්න...? 

:       3       1

BamunuarachchiThursday, 09 February 2023 12:15 PM

ඔහේ ඇම්ඩාගේ කතාව අහන්න යනවා කියලා ඔහේගේ උන්දෑ මට මැසේජ් එකක් එවලා තිබුණා. ඉතින් මම ඇම්ඩාගේ කතාව අහන්න ගියේ නැහැ. ඉඳලා හිටලා ලැබෙන අවස්ථාවෙන් වෙන ගම්මිරිස් ටිකක් විකුණා ගන්න ඔහෙලගේ ගෙවල් පැත්තේ ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 609 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site