IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජාසන කතාව එපා වූ හේතුව සජිත් කියයි

(නිමල කොඩිතුවක්කු)

තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කරන වත්මන්  පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා  සඳහන් කළේය.

අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කෑගල්ල පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.



අදහස් (9)

රාජාසන කතාව එපා වූ හේතුව සජිත් කියයි

අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 06:10 PM

අලි පොහොට්ටු හවුලෙන් පැන්න හොරු වැඩි හරියක් ඉන්නේ ටෙලිෆෝනයට සෙට්වෙලා. ඒ නිසා අලි පොහොට්ටු හවුල එලවන විට ටෙලිෆෝන් කාරයින්වත් පන්නලා දාන්න ජනතාව සැදී පැහැදිලා ඉන්නේ.

:       5       17

ajithWednesday, 08 February 2023 07:48 PM

සජිත් ඔබ දේශපාලනයට පැමිණීමට පෙර වෙනත් රැකියාවක් කර තිබේද ? යම් හෙයකින් නුදුරේදී ඔබව ජනතව විසින් ප්‍රතික්ෂේප කළහොත් ඔබට වෙනත් රැකියවක් කිරීමට හැකියවක් තිබේද ? ඔබ කැමතිම රැකියාව කුමක්ද ? රැකියාවක් නොකර ජීවත්වීමට ඔබට මුදල් ලැබී තිබේනම් එම මුදල් ලැබී ඇති ආකාරයට පුරවැසියන්ට කියන්න හැකිද ?

:       0       1

BamunuarachchiThursday, 09 February 2023 11:56 AM

අනුර කියන විදිහට එයා දේශපාලනයට එන්න කලින් දවසේ කුලියට මහවැලියේ කානු කැපුවාලු. සජිත් දේශපාලනයට එන්න කලින් නිදන් ගැන ගවේෂණ කළා කියලා කියනවා.

:       0       2

මහසෙන් Wednesday, 08 February 2023 06:28 PM

නොම්බර එකේ කයිවාරු පප්පා. මේ වගේ විපක්ෂයක් ඉන්නකන් රට්ටුන්ට මීට වඩා සෙතක් වෙන්නේ නෑ. හෑලී නම් කියවනවා. අරන් එන ජනගඟෙන්... කොළඹ යටවෙයිද දන්නෑ. හැමදාම පෙරහර ගියාට පස්සේ නටන්න හදනවා...

:       4       20

රණසිංහ Wednesday, 08 February 2023 07:50 PM

තමන් කොහොමද පිඩනය නැති කරන්නෙ කියා රටට කියන්න.

:       0       1

Prabha Wednesday, 08 February 2023 08:58 PM

ඇත්තටම මෙයාගේ පියානෝගේ රාජාසන කොහෙද දැන් ?

:       0       0

Chandra Wednesday, 08 February 2023 09:41 PM

මේ කරපු වීරකම නිසා , ඉක්මනටම අතිගරු පට්ටම ලැබේවි .

:       0       1

sugath Wednesday, 08 February 2023 11:24 PM

කතාව රාජනසෙන්, ගමන හොම්බෙන්.

:       0       1

Bamunuarachchi Thursday, 09 February 2023 11:51 AM

මම රනිල් පාක්ෂිකයෙක් නොවෙයි. ඒත් රනිල් එලවලා ජෙප්පෝ හරි සජබයෝ හරි ආණ්ඩු බලය අරන් රට ගෙනියන්නේ කොහොමද? බදු ගහන්නේ නැතුව ජනතාවට සහන දීලා ජෙප්පන්ට සජබයින්ට මේ රට ගෙනියන්න පුලුවන්ද? බැහැ බැහැ බැහැමයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site