IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද ආඥාපනත් සහ 1950 සිට 1970 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති පනත් හා රෙගුලාසි මත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වේ.

එකී කාල සීමාවේදී රට තුළ ප්‍රවාහන හා සන්නිවේදන ක් ක්ෂේත්‍රයන් එතරම් දියුණු මට්ටමක නොපැවති අතර, සකස් කරනු ලැබ ඇති ඇතැම් නීති රීති හා රෙගුලාසි වර්තමාන තත්ත්වයන් හා නොගැළපෙන බැවින් සේවාදායකයින් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපැයීමට එමඟින් බාධා පැමිණෙන බව පෙනී ගොස් ඇත.

එබැවින්, වත්මන් රාජ්‍ය සේවා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සහ මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි දැනට බලාත්මක නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි පවතින බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතුව ඇත.

ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන දැනට පවතින නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (3)

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි

රම්බොඩ Wednesday, 05 February 2025 07:58 PM

රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප හදන්නත් ඕන. සේවාව ලබාගන්න එන කෙනාට හොඳින් සළකන්න. එහෙම නැතිවම නෙවෙයි. නමුත් ඇතැම් ආයතන තාම අවුල්.

:       7       34

primeshikaThursday, 06 February 2025 07:59 AM

සේවාව ගන්න එන අයගෙත් ආකල්ප හදන්න ඕන. නැත්නම් ඒ අය අර ටෙලිනාට්‍ය වල ඉන්න අමුතු දොස්තරලා වගේ චරිත රජයේ කර්යාල වලත් බලපොරොත්තු වෙනවා.

:       1       11

Nilantha Thursday, 06 February 2025 12:07 PM

රම්බොඩ හරි ඇත්තෙන්ම රටට සේවයක් කර වියපත්වූ පිරිස් විශ්‍රාම වැටුප් සකසා ගැනීමට එම දෙපාර්තමේන්තුවටත් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයටත් එනවා අපි රාජ්‍ය සේවයේ සිටියදී විශ්‍රාම වැටුප් පුහුණුවලට සහභාගී වෙලා තියෙනවා එහිදී අපිට දුන්නු මුල්ම උපදේශයක් වුනේ පැමිණෙන විශ්‍රාමිකයින්ට ඉදගැනීමට පහසුව සලසා සාකච්ඡා කරන්න කියල තමයි. අපේ කාලයේ එහෙම කලා (දැන් පණ්ඩිතයෝ කියාවි එහෙම කලාම අල්ලස් ගන්න පුලුවන් වෙනවා කියල අපි විශ්‍රාමිකයින්ට සැලකුවේ දෙමාපියන්ට වගේම තමයි ඒත් දැන් මහන්තත්වයෙන් හිස උදුම්මාගත් අයගෙන් එම සහනය නැහැ ඒ ගැන කියන්නත් ලැජිජයි) තවත් බලවත් අසාධාරණයක් කරන බව කියන්න ඕන සාමාන්‍යයෙන් සෑම කෙනෙක්ම මාසයේ පළමුවෙනිදා විශ්‍රාම යන්නෙ නැහැනේ ඉතින් විශ්‍රාම ගියාම අවුරුදු 10 ක් ඉක්මවා ගියාම අඩු නොකල විශ්‍රාම වැටුප හදනවිට අවුරුදු 10 සම්පූර්ණ වෙන මාසයේ ඉදිරි දින සදහා නව වැටුප අනුව ගෙවීමි කරන්න ඕන පසු මාසයේ ගෙවනවානම් ඊළග මාසයේ හිඟ මුදල් ගෙවීම් කරන්න ඕන ඒත් ඒක කරන්නෙත් නැහැ ඊළගට දෙපාර්තමේන්තුව යටතේම තියෙන බාර අරමුදලෙන් ප්‍රතිලාභ ගෙවීම් නොකරන තත්වයක් තියෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site