
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
494
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හොයන්න කමිටුවක්
Dias Perera Tuesday, 28 May 2024 11:10 AM
ඒ සමගම සමාන වැටුප් ලබා එකම කාලයේ සාමාන්‍ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයට විශ්‍රාම ලැබූ අයගේත් විශ්‍රාම වැටුප් විෂමතා ඇතිකර තියෙනවා ඒවා ගැනත් අසාධාරණයට ලක්වූ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ විස්තර ලබාගෙන සාධාරණයක් කරන්න කියලා ඉල්ලීමට කැමතියි ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා
End Game Tuesday, 28 May 2024 12:36 PM
රාජ්‍ය සේවාවේ තත්ව්‍යා ඉස්සෙල්ලා ඉහල නග්ගලා ඉන්න .වැඩි හරියක් වැඩ කරන්නේ ජරාවට .කාලකන්නි .රට බංකලොත් වීමට මුන්ගේ බලු කමත් බලපෑවා
H.D.Jayasiri Tuesday, 28 May 2024 01:18 PM
කල්මැරීමට එකම විසදුම........ යහපාලන කාලෙත් වැටුප් විෂමතා දුරුකිරීමට කමිටුවක් දැම්මා මතකයි. වෙච්චි දෙයක් නම් නෑ.
anjana Tuesday, 28 May 2024 01:48 PM
රටේ වෘත්තීන් අතර වැටුප් විෂමතාවයට ලොකුම හේතුව, පාදෙණිය ඇතුලු GMOA නඩය. මේගොල්ලො තමා ජාතික වැටුප් ප්‍රතිපත්තිය හදන එකට පැනල ඔක්කොම අවුල් කරල එයාලට ලොකුම හැන්දෙන් බෙදාගෙන අනිත් වෘත්තීන් වලට විශාල වැටුප් පරතරයක් දැම්මෙ. යහපාලනයෙන් රාජ්‍ය සේවකන්ගෙ මූලික වැටුප රු 10,000 කින් වැඩි කරන එකට විරුද්ධ වුන එකම පිරිස GOMA නඩය.
GamayaTuesday, 28 May 2024 04:13 PM
Goma ලා කිව්වම මොනවා හරි කියන්න හිතෙනවා. ඔය කියපු වැටුප් විෂමතාවය එකක්.දෙවනුව සෞඛ්‍ය සේවය සදහාවැදගත් සාධකයක් බවට පත්වූ සුවසැරිය සදහා බාධා පැමිනවීම, ඊළඟට දොස්තර රාජිත මැතිතුමා බෙහෙත් මිල අඩුකරන්න කටයුතු කරන අවස්ථාවේ ගරු ඇමතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා රජයේ රෝහල් පරිශ්‍රවල බැනර් ප්‍රදර්ශනය කිරීම (වර්තමානයේ බෙහෙත් මිල උසුලාගන්න බැරි තරම් වැඩියි ) තවත් අනන්තවත් ඒවා ඇති
සිල්වා Tuesday, 28 May 2024 04:52 PM
ඔය වැටුප් විෂමතාවය දුරුකරනවා කියන්නෙ ගෙම්බන් තරාදියක දමා කිරනවා වගෙ වැඩක්. කලයුත්තේ සාමාන්‍ය ජනතාවගෙ ආදායම් මට්ටම ඉහල දැමීමයි.