IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය සේවය කප්පාදු කළාට දුම්රිය සේවකයන්ගේ විරෝධය

 

(යොහාන් භාසුර)

දුම්රිය ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කර රාජ්‍ය සේවයේ කොටසකට පමණක් සේවයට පැමිණීමේ සහ පිටවීමේ සහනයක් ලබාදීමට විරෝධය දක්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.  

රාජ්‍ය පරිපාලන අංශයේ කොළඹ දිස්ත්‍රිකයෙන් පිටත සිට දුම්රිය මාසික සහ ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍රවලින් සේවයට පැමිණෙන සේවකයන්ට රාජකාරියට පැමිණෙන වේලාව විනාඩි 30 කින් පසු පසට ද, සේවය අවසන් කරන වේලාව විනාඩි 15 කින් ඉදිරියට ද, ගැනීමට අවසර හිමිවන බවත් ස්වදේශ කටයුතු අංශය තුළ දැනටමත් ඒ සඳහා සහනයක් හිමිවන බවත් රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් නිකුත් කළ ලිපියකින් අනාවරණය වන බව ද ඒ මහතා කීය.

මෙම සහනය රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම අංශවලට ලැබිය යුතු බව ද කසුන් චාමර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

රාජ්‍ය සේවය කප්පාදු කළාට දුම්රිය සේවකයන්ගේ විරෝධය

චාන්දනී Thursday, 24 November 2022 03:17 PM

කසුන්ලාගේ පක්ෂයේ නායක ලප උන්නැහේ අයවැය විවාදයේදි කියලා තිබුනා රාජ්‍ය සේවයේ හැකිලීමක් අවශ්‍ය වෙනවා කියලා. ඒක දැක්කෙ නැද්ද? එහෙනම් අනෙක් පක්ෂ ඔක්කොමත් එහෙමම තමයි චාමර.

:       0       4

SL Thursday, 24 November 2022 06:56 PM

මම එන්නේ කොළඹ - නුවර උදේ කෝච්චියේ. ඉස්සර ලැබුණු second class ටිකට් එක කිසිම නැමිල්ලක් නැතිව හොඳ පිරිසිදුවට තිබුණ. නමුත් මෑතක් ඉඳල රුපියල් 500 ට නිකුත් කරන ටිකට් එක දෙකට නැමිලා ,පොඩිවෙලා . ඒ කොහොමද? අපි දුම්රිය ගාස්තු රුපියල් 500 ටිකට් එකෙන් ,රජයට යා යුතු මුදල , දුම්රිය සේවකයින් හොරා කනවද ?? මම කියන්නේ සාක්ෂි ඇතිව !!! මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ඕනේ !!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site