IMG-LOGO

’රජයේ සේවකයන් වගා කළ යුතුයි’

(යොහාන් භාසුර)

රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් පෙන්නුම් කරදී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට සියලු දෙනා එක්ව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රටේ තරුණ ප්‍රජාව මෙම කාර්ය සදහා සෘජුවම දායකකරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ කටයුතු භාර සිය  අමාත්‍යංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා කීය.

අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන්  දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ යුතු බව කී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට උද්ගතව ඇති අර්බුදකාරී තත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවලදී නිවසේ වගා කටයුතු කිරීමට අවශ්‍ය  පරිසරය නිර්මාණය කළ යුතු බවයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටොරින්ටන්හි පිහිටි තරුණ හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී එසේ පැවසීය. 



අදහස් (15)

’රජයේ සේවකයන් වගා කළ යුතුයි’

රංගෙ Thursday, 02 June 2022 04:17 PM

පඩියත් කපලා ඉඩමකුත් නැතුව මහ පාරේ වගා කරන්නද?

:       0       1

ravin Thursday, 02 June 2022 04:27 PM

ඊට වැඩිය හොඳ නැද්ද ඔය නිකන් කකා රට අගාධයටම ඇදලා දාන දියවන්නාවේ ඉන්න හරක් රැළ කුඹුරුවලට සීසාන්න දැම්මා නම්..? ඒ ටිකනම් හරියට සීසාගන්නවත් බැරිවෙයි. ඒ තරමටම විනය පිරිහිලා...

:       0       2

wicky Thursday, 02 June 2022 04:35 PM

ඔය 225ටම ඔක කරන්න පුලුවන්නෙ. පාර්ලිමෙන්තිව හැමදාම ඇත්තෙත් නැ. කරන වැඩකුත් නැ කොහොමත් ඉතින්. නිළදාරින්ට කියන්න කලින් 225 කරල පෙන්නුවානම් තමයි හොද.. තාම මිනිසුන්ට ගමන් අඩු කරන්න කිව්වට, තෙල් වැඩියෙන්ම පුච්චන වාහන පාවිච්චි කරන නිකමො සෙට් එක ඒක අඩු කලෙ නම් නැ.

:       0       32

අසංගFriday, 03 June 2022 01:52 AM

සහතික ඇත්ත Wikey. ලංකාව පිං කරල නැහැ කවදාවත් මහත්මා ගාන්ධි වගේ කරල පෙන්වන නායකයෙක් ලබන්න. අපිට හැමදාම ලැබුණේ හොර අණ දෙන්නන් පමණයි.

:       0       0

jagath Thursday, 02 June 2022 05:00 PM

මුලින්ම 225 එකතුවෙලා රටට ආදර්ශයක් දුන්නා නම් තමයි හොඳ...

:       0       1

kamal Thursday, 02 June 2022 05:02 PM

ඒකනේ කියන්නේ.. ඇයි රජයේ සේවකයන් උදේට වැඩට ගිහින්, හවසට කුඹුරට ගිහින් රෑට දඩයමේ යන්නේ? මේක කළහැකි වැඩක්... මේ යෝජනාවෙන් මෙතුමා දෙවැනි වෙන්නේ උතුමාණන්ගේ කාබනික අදහසට විතරයි. සුබ අනාගතයක්...

:       0       2

swiss Thursday, 02 June 2022 05:19 PM

ඔබතුමා කිව්වේ නිතරම මොබයිල් එක බලබලා 'කොටන' තරුණ කැලටද..?

:       0       0

මොබයිල් Thursday, 02 June 2022 05:25 PM

යන්නෙත් කොට කොටා කන්නෙත් කොට කොටා වැසිකිලියෙත් කොට කොටා නිදන්නෙත් කොට කොටා..! ඒ මොකක්ද..? ජංගම දුරකථනය

:       0       0

Kumara Thursday, 02 June 2022 06:16 PM

එන්න අපි මඩගොවිතැන් කරමු. 225ක්ම ඉන්නේ මඩවන්න... ආයේ හරක් ඕනෑ නැහැ.

:       0       0

ranjith Thursday, 02 June 2022 06:51 PM

මෙයා ඇවිදින මංතීරු හදන්න ඔට්ටු වුණු තරම් මතකයිනේ... කන්න බොන්න නැතිව ඉන්න අපිට මොන මංතීරුද? මෙයාගේ තෙල වැඩිවෙලා නිසා මන්තීරු ඕනෙ ඇති...

:       0       0

de silva Thursday, 02 June 2022 09:20 PM

රජයේ සේවකයෝ හොඳට වවාගෙන කන්න දක්ෂයෝ.., සාමාන්‍ය මිනිහෙක් රජයේ කොන්ත්‍රාත්තුවකට වැඩක් කරගන්න ගියාම වැඩේ වවාගෙන අලකරලා, අර මනුස්සයාගේ ඉහ මොල සූරාකන්න රජයේ සේවකයින් දක්ෂයෝය.

:       1       0

Bamunuarachchi Thursday, 02 June 2022 09:34 PM

දැනට ගොවියන් කර ඇති වගාවන් රැකගන්න පඹයින් ලෙසවත් සිටවමු. OT ඉල්ලයිද දන්නේ නැහැ.

:       0       1

Bamunuarachchi Thursday, 02 June 2022 10:07 PM

නිවසේ සිට රාජකාරී කරන්නේ නම් කොහොමද හලෝ වගා කරන්නේ..? මොන බහුබුත කතාද මේ? දැන් තේරෙනවාද රටට වැඩක් නොකරන රාජ්‍ය සේවකයින් කොපමණ ඉන්නවාද කියා...? හැබැයි මොවුන්ට වර්ෂ අවසානයේ ලැබෙන වැටුප් වැඩිවීම ඇතුළුව උසස්වීම්ද ලැබෙනවා. අනේ මෙහෙම රටක්..! .

:       0       1

සිරිපාල Thursday, 02 June 2022 11:50 PM

රජයේ සේවකයින් වගා කෙරුවාම අස්වැන්න හැටියට හම්බ වෙන්නෙත් රජයේ සේවකයින්ට නේද? අපරාදෙනේ දැනටත් අතිරික්තයක් තියෙන එකේ රජයේ සේවකයින් රට පටවමු.. එහෙමනේ විනිමය හොයන්නේ...

:       0       1

නිසන්ක Friday, 03 June 2022 08:17 AM

රජයේ සේවකයින්ට වගා කරන්න කියන්න එපා, එයාලා ස්ට්‍රයික් කරයි. එක්කෝ දීමනා ඉල්ලයී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site