(දසුන් රාජපක්ෂ)
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු ජනවාරි 1 වැනිදා සිට කල් නොදමා ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලියු.එච්. පියදාස මහතා අද (13) ප්‍රකාශ කළේය.
ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික ස්ථාන මාරු කල්දැමීමට රජය තීරණය කර ඇති බවට දැනගැනීමට ලැබුණු බැවින් අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කරන බවද පියදාස මහතා පැවසීය.
රාජ්‍ය යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රියාවලියට ස්ථාන මාරු ලබන රාජ්‍ය නිලධාරීන් නිසා බලපෑමක් සිදුනොවන බව ද පියදාස මහතා සඳහන් කළේය.
ස්ථාන මාරු ලබන නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය ගැන අත්දැකීම් ඇති තැනැත්තන් බැවින් ස්ථාන මාරුවීම් හිමිවුවද ඔවුන්ට ස්ථාන මාරුව ලැබුණු ප්‍රදේශයේ සිට මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ස්ථාන මාරු මණ්ඩල සහ අභියාචන මණ්ඩල කැඳවා අදාළ ස්ථාන මාරු තීරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දෙන ලෙසද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු කල් නොදමන්නැයි ඉල්ලීමක්