
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවර එළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පැවැත්වීම සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.
මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "හජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරියුත්තමේ " ( කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත් වීමටත්, 2025 වර්ෂයේ මැයි මස 10 දින සිට 16 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාල සීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ තියන්න කැබිනට් අනුමැතිය
Temples Tuesday, 29 April 2025 08:52 PM
නුවර එළියේ මොකක්ද තියෙන බෞද්ධ වටිනාකම?
selpmeT Tuesday, 29 April 2025 10:27 PM
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථාන විහාරය කියලා පුවතේ තියෙනවනෙ. ගිහිං වන්දනාමාන කරලා ඇවිත් ඔක්කොටම කිව්වනං අහවරයිනෙ?
වවගමුවේ පඤ්ඤානන්ද හිමි Tuesday, 20 May 2025 10:30 AM
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් බොහෝ විහාරස්තාන හා දහම් පාසල් ගුරුවරුන් ළමුන් කැපවීමක් කළා . රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් විදුලි බුබුලු දල්වා නොයෙක් ආකාරයෙන් වෙනදාටත් වඩා වියදමක් දරන්න සිදු වුනා ලොකු විදුලි බිලක් ලැබුනා. මේ සදහා ප්‍රවහාන වියදම් දරන්න සිදු වුනා .රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ලැබුණු ලක්ෂ 100 සුළු මුදලක් හො අනිකුත් විහාරස්ථාන වලට ලබ නොදීම පිළිබද කණගාටු වෙමි.ලැබෙන හැම දේම එකතු කරගෙන හිතවත් කම් මත බෙදීම සාධාරණ නොවේ . මුදල් වෙන් කළ විහාරස්ථා නාම ලේඛණය එලි දක්වන්න.