IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රාජ්‍ය-පෞද්ගලික යාලුකම වැඩි කරන්න නව පනතක්

(අංජුල මහික වීරරත්න)

 රාජ්‍ය - පෞද්ගලික ජාතික හවුල්කාරිත්ව නියෝජිතායතනය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය විසින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන් /ව්‍යාපෘති නිර්මාණය හා කළමනාකරණය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමටත් එවැනි වැඩසටහන් හඳුනා ගනිමින් රාජ්‍ය ආයතන සමඟ සහයෝගීව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

එම නියෝජිතායතනය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාම සඳහා නෛතිකමය වලංගුභාවයක් ලබා දිය සමඟයුතු අතරම, අදාල හවුල්කාරිත්ව ගිවිසුම් සම්බන්ධයෙන්ද නෛතික රාමුවක් සකස් කළ යුතුව තිබෙන බව රජය කියයි.

 ඒ අනුව එකී කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.



අදහස් (1)

රාජ්‍ය-පෞද්ගලික යාලුකම වැඩි කරන්න නව පනතක්

Madhushi Tuesday, 30 July 2024 10:10 AM

රාජ්‍ය හා පුද්ගලික අංශයේ යාලුකම වැඩිකරන්නෙ කොහොමද විශේෂයෙන් කලාප අධ්‍යාපන කාර්‍යාල වලට අරක්ගෙන සිටින බහිරවයො ගුරුවරුන්ට සළකන ආකාරය බලන්න එහෙම නැත්නම් වෙන කාර්‍යාලයක වැඩකල ජ්‍යෙෂ්ඨ නිනිළධාරියකුට අද ඊයේ සේවයට ආපු අයගෙන් වුණත් බැනුම් අහන්න වෙන වෙලාවල් තියෙනවා අධ්‍යාපන කාර්‍යාලයේ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පළිගැනීම් අංශයේ ඉන්න කෙල්ලො වුනත් එහෙම තමයි එලෙස තියෙද්දි පුද්ගලික අංශය සමඟ කොහොම සම්බන්ධ කරන්නද මහත්තයෝ කොටින්ම කිව්වොත් පළාත් සභා ඇති කලාට පස්සෙ තමයි රාජ්‍ය සේවය මෙතරම් පිරිහීමට ලක්වුනේ කියලා කියන්න පුළුවන් ඊළඟට 1999 බදවා ගත් ඔලුව උදුම්මාගත් පිරිස් නිසාත් රාජ්‍ය සේවය කුජීතම වෙලා තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site