IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘

(කාංචන කුමාර ආරියදාස)

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා අද පැවසීය.

ආර්ථික මධ්‍යස්ථාන 14 පරිපාලන කටයුතු පෞද්ගලික සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේදැයි ලංකාදීපය කළ විමසීමකදී සභාපතිවරයා මේ ගැන සඳහන් කළේය

රජයේ මෙම තීරණයට එරෙහිව දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධය ප්‍රකාශ කරනව.

එහෙත් රජයේ ඇහුම්කම් නොදෙන්නේ නම් ව්‍යාපාරික භවතුන් සහ ගනුදෙනුකරුවන් සමග වෙනම ඉඩම් මිලදීගෙන ආර්ථික මධ්‍යස්ථාන අලුතින් ඉදිකිරීම ආරම්භ කරනවා.

අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගැනීමට තීරණය කරලා තියෙන්නේ , මේ වන විටත් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමට පැවරීමට විරුද්ධව නීති උපදෙස් ලබාගෙන ඊට විරුද්ධව අධිකරණමය ක්‍රියාදාමයක් ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

 

 



අදහස් (16)

‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘

Dayan Wednesday, 16 July 2025 05:55 PM

බම්බු ගහයි... නිකන් කෙළවා ගන්නේ නැතිව ඉන්න. තවම ජනමතය නැත...

:       5       15

Asela Wednesday, 16 July 2025 05:57 PM

මාෆියාවේ මේ ඉල්ලීම්වලට ඉඩ නොදිය යුතුයි. මේ රජය කරන හොඳ දේවල් කිහිපයක් තියෙනවා. අපි ඒක අගය කරනවා.

:       8       19

maalaka Thursday, 17 July 2025 05:02 AM

මහජනතාවට පහසු මිලකට හොඳ නිෂ්පාදන දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

:       1       15

Perakum Thursday, 17 July 2025 05:45 AM

මෙතෙක් කල් විඳපු පෞද්ගලික වාසි නැතුව යනකොට ඔහොම තමයි. ඔය කියන කවුරුවත් එයාලගේ සහයට එන්නේ නෑ.

:       4       17

Duminda Jayanath Udayakumara Thursday, 17 July 2025 07:00 AM

අඩුම ගානේ ඕවා මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට නඩත්තු කරන්න... වැසිකිළි, පොදු පහසුකම් අන්තිමයි. ඒවාටත් ඔය වගේ දැඩි තීරණ ගන්න.

:       3       14

mahinda Thursday, 17 July 2025 08:47 AM

අද මේවා පාලනය කරන්නනේ මේ අයගේ පාතාලය. ඒක බිද වැටුනොත් මෙයාල ඉවරයි. රජය මේකට කොහොම හරි මැදිහත්වී මේ පාතාලය නතර කළ යුතුය.

:       2       15

Rata Perata Thursday, 17 July 2025 11:34 AM

හැමතැනම සමිති අටවාගෙන. රටේ වැඩක් කරන්න දෙන්නේම නෑ... අපිට පාන් ද?

:       2       15

Thilakarathna Thursday, 17 July 2025 11:45 AM

ගොවීන් දැනුවත්කර සතියක් වසා තැබුවොත් තීරණ අකුලගෙන යන්න වේවි

:       5       11

Cyril Dahanayake Thursday, 17 July 2025 02:26 PM

මෙම ආයතනවල දූෂණ අක්‍රමිකතා සෙවීම තමයි මූලික අරමුණ. මේ ආණ්ඩුවට පිස්සු හැදිල‍ා නෑ.

:       7       26

Abandoned stone castle Thursday, 17 July 2025 04:17 PM

හොරාකන්න නැතිවෙන කොට දැඩිව දැනෙනවා නේද?

:       4       25

Kumar Thursday, 17 July 2025 11:56 PM

මේ

:       3       4

Samantha Friday, 18 July 2025 06:18 AM

Members ලා 7 ක board එකක්. ඇමැති 3 යි, 4 ක් මුදල් අමාත්‍යාංශයේ... කොහෙද යකෝ privatise කියන්නේ.

:       3       14

අනන්ද්ස් Friday, 18 July 2025 08:30 AM

ආන්ඩුවෙන් සේරම කරල දීල. මුං ඒවායේ ප්‍රතිලාභ බෙදා ගන්නව. ආන්ඩුව මේ සේරම ආර්තික මධ්‍යස්තාන සේරම පස්ලනය කරන්න්න හෝල්ඩින් සමාගමක් ආන්ඩුවේ අදාල ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයක්. ඒකට තොපේ එකෙකුත් ඉන්නව. මාර මාෆියාව. ජනතා මුදල් හොරපාරෙන් මුන්ගෙ සාක්කුවට හරවගෙන. ආන්ඩුව සේරම යටිතලපහසුකම් දීල නඩත්තුකරනව මුං ඒවායින් මාෆියාව හදාගෙන කෝටි ගනං හොරා කනව. තොපි ඕව වැහුවොත් ආන්ඩුවෙ ආදායම අහිමි කරාට හිරේ දානව ත්‍රස්තවාදී පනත් යටතෙ වෙලෙන්දන්ගෙන් තොපේ හොරා ගත්තු සල්ලි වෙනුවට්ස් අඩුබදු මුදල් වලට නව වෙලෙන්දන්ට කඩ බදු දෙනව. ගොවීන්ගෙ පොල බදු අයකිරීම නවත්වනව. එතකොටකොහේද බූරුවෝ තොපි ට ගවිකුන්න්ම් කරුවො ගැනුම් කරුවො ඉතිරි වෙන්නෙ. ඕනෙනම් තොපි හොයාගෙන දහසස් ගනං ජනතාව එක්ක අපි එනව. එදාට රෙදි නැතිව මේ ප්‍රශ්නය බේරගනිමු.

:       3       18

Pivithuru Friday, 18 July 2025 09:48 AM

මේ ඩෝබිලා දෙන්නෙක් නේද කමෙන්ට් කරන්නේ?

:       5       3

Kamal Friday, 18 July 2025 10:54 PM

කාංචන, ඔක්කෝම එකතුවෙලා රජයට එන්න ඕනැ සල්ලි හොරාකන්න බැරිවෙන හින්දාද වර්ජනය කරන්න හදන්නේ, තොපි වගේ තමයි විදුලිබල මණ්‌ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව ඕක්කෝම හොරාකන්ඩ පුරුදු වෙලා ඔයාලගේ ළමයින්ටත් හෙන ගහන්න ඕනේ. ගොවියන්ගේ මිනිස්සුන්ගේ සල්ලි හූරාගෙන කනවාට...

:       1       8

Nishan Monday, 28 July 2025 04:35 AM

වෙනස් කරන්න ගියාට ආණ්ඩුවටවත් ඒක ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවද කියලා සැකයි. මේකත් අර හාල් මාෆියාව නවත්තන්න කතා කරලා මේසෙට ගහලා හාල් මිල නැග්ගුවා වගේ වැඩක් වෙයිද දන්නේ නෑ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site